
(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල ධීවර වරායෙන් ඈත දියඹට යන ධීවර කම්කරුවන් පිරිසක් අද උදෑසන බේරුවල ධීවරවරාය පරිශ්‍රයේ දී විවිධ පුවරු අතැතිව වෙරළාරක්ෂක බලකා නිලධාරීන්ට විරෝධය පා නිහඬ විරෝධතාවයක් පැවැත්විණ .
බහුදින යාත්‍රාවල රැගෙන යන ඉන්ධන ප්‍රමාණය ඇතුළු ද්‍රව්‍යයන් පිළිබඳ සෝදිසියට ලක් කිරීම පිළිබඳව බේරුවල ධීවර වරාය පරිශ්‍රය තුළ ස්ථාපිත කර ඇති වෙරළාරක්ෂක අනුඛණ්ඩ නිලධාරීන්ට විරෝධය පා එම විරෝධතාව පැවැත්විණි.
විවිධ සටන් පාඨ රැගත් පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම විරෝධතාවය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ කාර්යාලය හා ධීවර වරාය ආරක්ෂක අංශ කාර්යාලය අතර සෞඛ්‍යාරක්ෂිතව සිදු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ඕනෑම දෙයක් ගෙනියන්නට ඉඩ දියව් නොකියා කියනවා නොවේද?
දැන් සෝදිසි කරන්නත් එපාලු. කුඩු ටොන් ගණන් එහාට මෙහාට යාවි...!
ගහලා එළවන්න... හොර තක්කඩියෝ..!!!