(නිමන්ති රණසිංහ)

බොරැල්ල ප්‍රදේශයේ දී කාන්තාවකට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කළැයි පොලීසිය අත්අඩංගුවට ගත් යුද හමුදා මූලස්ථානයේ බුද්ධි බලකාගේ සෙබලුන් දෙදෙනා ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (14) නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ යුද හමුදා බුද්ධි බලකායේ ලාන්ස් කෝප්‍රල්වරයකු වන බටපොල පදිංචි ලහිරු  කුමාර සහ යුද හමුදා සෙබල තරිදු කුමාර යන අවලුන්ය.

මෙම සිද්ධියෙන් මරණයට පත්වූයේ තල්ගහකුඹුර බොරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී වික්‍රම පත්තිවිලගේ මෙලනි කාංචනා නමැති 25 හැවිරිදි තරුණීයකි.