(නිමන්ති රණසිංහ)
බොරැල්ලේ වෙස්ටන් රෝහලේ වකුගඩු ඡාවාරමේ පොලිස් නිලධාරීන් ද සිටින බවත් එම රෝහල ශ්‍රි ලංකා පොලීසිය ඔවුන්ගේ සේවයට යොදා ගෙන ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝයෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්-ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ අද (14) ප්‍රකාශ කළේය.
මෙම ඡාලගත ඡාවාරම සම්බන්ධයෙන් එම රෝහලේ අධ්‍යක්ෂවරයා ඉදිරියේදී අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගන්නා බවත් මෙම ඡාවාරමට හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියෙක්, නිතීඥවරියක්, මහාචාර්යවරයෙක් ඇතුලු පස් දෙනෙක් සම්බන්ධ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සදහන් කළේය.
මෙම සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් මරදාන ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියකු වන වසන්ත ලාල් මාපිටිගම සහ බොරැල්ල වෙස්ටන් රෝහලේ ගිලන්රථ රියැදුරෙකු වන රවීන්ද්‍ර කුමාර යන අයවලුන් දෙදෙනා අද (14) අධිකරණයට ඉදිරිපත් කර තිබිණී.
ඒ අනුව මෙම සිද්ධියට අදාළ සැකකරුවන් 08 දෙනෙක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් තිදෙනකුට ඇප ලබා දෙමින් සැකකරුවන් සිව් දෙනකු රක්ෂිත භාරයට පත් කරනු ලැබීය. ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ රෙනල්ඩ් මොහොමඩ් සකීර්, සෆ්ෆාන් මොහොමඩ් යන තැරැව්කරුවන් දෙදෙනා ලබන 29 වැනිදා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය සම්බන්ධ නැති හොරකම් තියනවද ?
ඔය ජාවාරම අද ඊයේ නොවේ අවුරුදු 10කාටත් වඩා පරණ වෙන්න පුළුවන්. ඒ කාලයේ ලෙඩෙක් ඔතන ඉඳලා මැරුණා. ලෙඩාගේ භාරකරුවන්ට සෑහෙන පීඩනයක් දුන්නලු ජීවත් කරලා වැඩක් නෑ කියලා. ඒ අයට මරණය ගැන අන්තිමට යම්කිසි සැකයක් ඇතිවෙලා තිබුණා. වකුගඩු නරකයි කිව්වට තව මොනවා ගත්තද කියලා. ඒ කාලේ ඔතන හිටපු එක් දොස්තර නෝනා කෙනෙක් අද ආසිරි හරි ඩර්ඩන්ස් හරි ලොකු තැනක ඉන්නවා. ඒ අය ගැනත් හොයලා බලන්න ඕන.