(ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය )
දිවයිනේ ප්‍රසිද්ධ පාවහන් අලෙවි ව්‍යාපාරිකයකුගේ බොරැල්ල හරස් පාරේ නිවසට අද (22) අලුයම ටී 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බව බොරැල්ල පොලිසිය පවසයි.
මෙලෙස වෙඩි වැදී ඇත්තේ එම ව්‍යාපාරිය හිමකරුගේ පුතෙක් පදිංචි නිවසට බවත්, ඔහු එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කර ඇති බවද පොලිසිය පවසයි.
අලුයම 5.30- 5.45 මෙම වෙඩි ප්‍රහාර එල්ල වී ඇති අතර, වෙඩි ප්‍රහාර 2 ක් නිවසේ ගේට්ටුවට වැදී ඇති බව පොලිසිය කියයි
කිසියම් පුද්ගලික කරුණක් මුල්කරගෙන බිය ගැන්වීම සදහා මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවට පොලිසිය සැකකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd