(නිමන්ති රණසිංහ)
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අද (16) නියෝගයක් නිකුත් කළේය.
බොරැල්ල කන්තේ නවතා තිබූ ඩබ්ලිව් පී කේ වයි 8732 දරන මෝටර් රථය තුළ ගෙල සිරකර සිටියදී රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය ඝාතනයක් බවට කරුණු අනාවරණය වීම හේතුවෙන් එම සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනවල සහාය සදහා බ්‍රයන් තෝමස් යන අයගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි බොරැල්ල පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
කොළඹ 07 මල්පාරේ පිහිටි නිවසින් ඉකුත් 15 වැනිදා සවස පිටත්ව ඇති දිනේශ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනයෙන් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඔහුගේ බිරිඳ දුරකතනයට ලද සංඥාවලට අනුව ආයතන නිලධාරියකු බොරැල්ල කනත්තට පිටත් කර යවා ඇති බවත්, එහිදී මෝටර් රථය තුළ දෙඅත් බැද වයරයකින් ගෙල සිරකර සිටි දිනේෂ් මහතා සොයාගෙන ඇති බවත් බොරැල්ල පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
2025 නොවැම්බර් මස 04
496
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2238
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1675
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රයන් තෝමස්ට රට ගමන් තහනම්
Sds Friday, 16 December 2022 10:20 PM
ක්‍රිකට් බලු වේවිද ?
C.K.LankaputhraSaturday, 17 December 2022 04:39 AM
ක්‍රිකට් වලටත් දේශපාලනය රිංගලා...
NalakaSaturday, 17 December 2022 04:44 AM
දැනටමත් වෙලා ඉවරයි. ඔය ටීම් එකට යන්න පුළුවන් ක්‍රිස්තියානි නම් විතරයි. මොන වැඩේ කරත්, ඒක සාධාරනීකරණය කරන්න බුකියේ රෑනක් ඉන්නවා. හැබැයි බෞද්ධ හරි, හින්දු හරි කෙනෙක්ට මොනවා වුණත් ඔවුන් මිනීමරුවන් තරම් අපරාධ කාරයින් කියලා හංවඩු ගහන්නත් ඔවුන් හරිම දක්ෂයි. ඉතින් මේ රටට හරියයිද..?
ajith Friday, 16 December 2022 11:03 PM
මෙවැනි අපරාධ සිදුවන රටකට හොඳ සිහියෙන් සිටින කිසිම විදේශ ආයෝජකයෙක් පැමිණෙන්නේ නැහැ.
Demuni de Silva Saturday, 17 December 2022 06:11 PM
ආයෝජකයින් රට තුළට එනවාද?