IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බිරිය සැඟවී සැමියාගෙන් ලක්ෂ 50ක් ඉල්ලලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

තමන් පැහැර ගත් පවසමින් සැමියා හා දරුවන් රවටමින් රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබා ගැනිමට වෙනත් නිවසක සැගවි සිටි කාන්තාවක් විශේෂ විමර්ශණයකින් පසු ආණමඩුව පොලිසියෙ නිළධාරින් අද අලුයම අත් අඩංගුවට ගත් බව කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව නගරයෙ පදිංචි තිදරු මවක් බව කියයි.

අදාල කාන්තාවගෙ සැමියා විශ්‍රාමික යුධ හමුදා නිළධාරියකු වන අතර ඔහු යුධ හමුදාවෙන් විශ්‍රාම යාමේන් පසු කොන්ත්‍රාත්කරුවකු ලෙස කටයුතු කර ඇති බවත් මේ වන විට කොන්ත්‍රාත් වලින් පාඩු ලබා නිවසට ව සිටින බවද පොලිස් පරික්ෂණ වලදී හෙළිව තිබේ.

අදාල කාන්තාව පසුගිය 15 දින ආණමඩුව නිවසින් දියණිය පදිංචි වාරියපොල හංහමුණ නවගත්තම ප්‍රදේශයට ගොස් ඇති බවත් එදින ආණමඩුව නගරයට පැමිණේන බව සැමියාට දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇති බවත් එදින සවස සිට අතුරුදහන්ව ඇති බව කියයි.

කෙසේ නමුත් තම මව ආණමඩුව නගරයට පැමිණේන තුරු බලා සිටි මෙම කාන්තාවගෙ බාල පුතා සවස් වන තුරු බලා සිට ඇති නමුත් කාන්තාව සොයා ගැනිමට නොහැකි විමත් දුරකථනය ක්‍රියා නොකිරිමත් මත බාල පුතු ආණමඩුව පොලිසියට 15 දින සවසම පැමිණිලි කර ඇති බව කියයි.

මෙම කාන්තාව පිළිබදව කිසිදු හෝඩුවාවක් නොමැති විම හේතුවෙන් ආණමඩුව පොලිස් ස්ථානාධිපති එච්.ආර්.හේමන්ත නන්ද කුමාර මහතා ඉහල පොලිස් නිළධාරින්ට දන්වා මේ පිළිබදව අදාල උපදෙස් ලබා ගැනිමේන් පසු පරික්ෂණ ආරම්භ කිරීමට කටයුතු කර තිබුනී.

කෙසේ වෙතත් ඒ වන විටත් ආණමඩුව පොලිසියෙ නිළධාරින් මෙම කාන්තාව ගමන් කල ස්ථාන හා අදාල මාර්ගවල ආවේක්ෂණ කැමරා පරික්ෂා කරමින් අදාල පරික්ෂණ අරඹා තිබුණි.

එහිදි පොලිසියට කිසිදු ස්ථානයක දී මෙම කාන්තාව පැහැර ගැනිමක් පිළිබදව තොරතුරක් සොයා ගැනිමට හැකිවි නොතිබු බව කියයි.

සියල්ල ගැන ආණමඩුව පොලිස්ථානයෙ ස්ථානාධිපතිවරයා ඇතුළු නිළධාරින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර මෙම කාන්තාවගෙ දුරකථන වාර්තාවක් ලබා ගනිමින් ඇය රැදි සිටින ස්ථාන පිළිබදව නිසි විමර්ශනයක් සිදු කර තිබේ.

ඒ අනුව මෙම කාන්තාව රැදි සිටි කටුපෙත ප්‍රදේශය පිළිබදව විශේෂ විමර්ශනයක් අරඹා පසුව නිවසක සිටියදී 18 දින අදාල කාන්තාව අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත් අඩංගුවට ගත් කාන්තාව පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ තම බාල පුතා විදේශ ගත විමකට රුපියල් ලක්ෂ 9 කට ආසන්න මුදලක් ලබා ගත් බවත් එසේ ලබා ගත් මුදල් විදේශ රැකියා ආයතනයකට ලබා දුන්නද පුතාට රැකියාව ලබා නොදිම හේතුවෙන් ලබා ගත් මුදල පොලි සමග එකතු වි මේ වන විට විශාල මුදලක් බවට පත්විම නිසා එය ගෙවා දැමිමට මෙසේ සිදුකල බවයි.

 

 



අදහස් (0)

බිරිය සැඟවී සැමියාගෙන් ලක්ෂ 50ක් ඉල්ලලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site