(එම්. කේ. නන්දසේන)
පවුල් ආරවුලක් හේතුවෙන් කතරගම ගොයාගල ප්‍රදේශයේ නිවසක් තුලදී ඊයේ (28) උදෑසන පොරවකින් පහරදී බිරිය ඝාතනය කලේයැයි කියනු ලබන සිද්ධියක් සම්බන්ධයෙන් සැඟව සිටියදී කතරගම පොලීසිය විසින් අද (29) උදෑසන අත්අඩංගුවට ගත් සැකකාර ස්වාමිපුරුෂයා වස වර්ගයක් පානයකර තිබූ හෙයින් ඔහු කතරගම දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රථිකාර සඳහා දෙබරවැව මූලික රෝහලට ඇතුලත් කොට ඇතැයි කතරගම පොලීසිය කියයි.
මෙලෙස රෝහල් ගත කොට ඇත්තේ ආර්.කේ. නිලන්ත ප්‍රදීප් කුමාර නැමති අයෙකි. රෝහලේ අංක එක වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් පසුවන ඔහුගේ තත්ත්වය එතරම් බරපතළ නැතැයි වෛද්‍යවරු පවසති.
මෙම සැකකරු පවුල් ආරවුලක් සම්බන්ධයෙන් බිරිය සමග බහින්බස්වී පෙරේදා 28දා උදෑසන බිරියගේ හිසට පොරවකින් පහරදී බිරිය ඝාතනය කොට සැඟව සිටි බව පොලීසිය කියයි. පොලිසියේ ආරක්ෂාව යටතේ මොහු ප්‍රතිකාර ලබමින් පසුවෙි.
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බිරිය මරා සැඟවී වස බීලා
උධුලී Saturday, 30 November 2024 08:16 AM
සොයුරිය ඔබට නිවන්සුව පතමු. නිවන්දක්නා තුරු මෙවන් කුරිරු මරණයක් නොමවේවා..!