
(කුෂාන් ජයවර්ධන )
මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙන් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.
තියුණු ආයුධවලින් පහරදී නැන්දණියට ද බරපතළ තුවාල සිදු කර ඇතැයිද මොරගොඩ පොලීසිය කියයි.ෙ
මෙම සිදුවීම අද (18) දහවල් සිදු වී ඇති අතර, සිද්දියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ වන්නම්මඩුව ලබුනෝරුව ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි වියෙහි පසුවූ ලොකුබණ්ඩාගේ සුනෙත්‍රා කුමාරි නමැත්තියක බව පොලීසිය කියයි.
සිය බිරිය ඝාතනය කිරීමෙන් පසු එම සැකකාර සැමියා 60 හැවිරිදි වියෙහි පසුවූ සිය නැන්දනියට ද තියුණු ආයුධයකින් පහර දී බරපතළ තුවාල සිදුකර ඇතැයි පොලිසිය කියයි.
තියුණු ආයුධයකින් කළ එම පහරදීම් හේතුවෙන් බරපතළ තත්වයේ පසුවූ එම කාන්තාව අසල්වාසීන් එක්ව කඩිනමින් ප්‍රතිකාර සදහා පයිරිමඩුව රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd