IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


බිරිඳ - දරු දෙදෙනා නිවසින් පන්නා නිවසේ රන් සොයලා

(බිමල් ශ්‍යාමන්  ජයසිංහ )

අංජනම් එළියකින් පැවසූ  රත්තරන් සොයා  නිවස තුළ කැණීම් කරමින්  සිටි තීරෝද රථ රියදුරෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

එම සැකකරුවන් දෙදෙනා ඒ වන විට   නිවසේ සාලය තුළ අඩි 18 ක ප්‍රමාණයක්  යටට කැණීම් කර තිබූ බවත් ඒ සඳහා යොදාගත් උදලු, සවල්, යකඩ ඉනි , ගල් විදීමට යොදාගත්  ඩ්‍රිල් මැෂිමක් , කපන කටු  , කඩුවක් පිහියක් , මෙන්ම මල් පහන් ඇතුළු සුවඳ දුම් පොලිස් භාරයට ගෙන ඇත.‍ෙ

කහතුඩුව වෙනිවැල්කොළ පාසල් මාවතේ නිවසක පුද්ගලයකු බිරිඳ සහ දරුවන් නිවසින් පලවා හැර  වෙළඳසැලක් පවත්වාගෙන යන පුද්ගලයෙකුගේ සහයෙන් නිවස තුළ නිධානයක් සොයා කැනීම් කරන බවත් එම ශබ්දය පිටතට නොඇසීමට බපල් යන්ත්‍රයක් ආධාරයෙන් පිරිත් යොදා ඇති බවත් කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රාජිත ගුරුසිංහ මහතාට අද පෙරවරුවේ  ලද රහසිගත තොරතුරක් අනුව එම වැටලීම සිදුකර ඇත.

පොලිස් නිලධාරින් එම ස්ථානයේ වටලන අවස්ථාවේදීත් සැකකරුවන් දෙදෙනා කැනීම් කටයුතු විදුලි ආලෝකය මධ්‍යයේ සිදු කරමින් සිටි බවත්  භූගතව අඩි 18 ක  පමණ ප්‍රමාණයක කළුගල පෑදී ඇති බැවින් එය පිපිරවීම සඳහා රසදිය යොදා ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු පැවසීය.

 

 

 



අදහස් (0)

බිරිඳ - දරු දෙදෙනා නිවසින් පන්නා නිවසේ රන් සොයලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 33 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site