
(යොහාන් භාසුර)
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉතාමත් සුළු ප්‍රමාණයකින් පහත බැස ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සභාපති සුමිත් විජේසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
බොරතෙල් සැපයුම්කරුවන් ඉදිරි මාස තුනක මිල ප්‍රකාශයට පත්කරන බවත් ඒ අනුව ලබන ජනවාරි මස බොරතෙල් බැරලයක මිල ඩොලර් 81 ක් බවට පත්ව ඇති බවත් විජේසිංහ මහතා කීය.
මෙම මස බොරතෙල් බැරලයක මිල ඩොලර් 82 ක් බව කී සුමිත් විජේසිංහ මහතා පෙබරවාරි මස වන විට මීට වඩා දැනෙන අඩුවීමක් බලාපොරොත්තු වන බවත් වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න බලන්න අපේ ගම්මන්පිලයා මෙහෙ පිරිපහදුව වහපු නිසා, ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහත බැස ඇත. කොහොමද වැඩ. මෙහම මන්හින්දානන්දට පුළුවන් පොහොර මිලත්, බන්දුලට පුළුවන් හාල්, කිරිපිටි මිල එහම ලෝක වැළඳ පොලේ බස්සන්න.