IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


බොරතෙල් නැතිව සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසෙයි

(යොහාන් භාසුර, කීර්ති ප්‍රනාන්දු සහ මහින්ද නිස්සංක)

බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද පස්වරුවේ පැවසීය.

බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමන පළමු අවස්ථාව මෙය වේ.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ යන මහත්රුන් ඊයේ පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ විශේෂ මාධ්‍ය හමුවක් හෙට පස්වරුවේ පවත්වමින් මේ පිළිබඳව නිලවශයෙන් ප්‍රකාශ කරන බවයි.

පිරිපහදුව වසා දැමීමට හේතුව බොරතෙල් නොමැති වීම බවත් බොතෙල් රැගත් නැවක් ලබන දෙසැම්බර් මස තුන්වැනි සතියේ පැමිණීමට නියමිතව තිබීම නිසා ඒ දක්වා සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමට සිදුව ඇති බවත් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පැවසීය.

දෙසැම්බර් මස ළගා වන බොරතෙල් නැවෙන් ලැබෙන බොරතෙල් මෙටි්‍රක්ටොන් 90000 දින 15 කට පමණක් ප්‍රමාණවත් බවත් නැවත ජනවාරි මස මැද බොරතෙල් ලැබීමට නියමිත බවත් දැනගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිළ මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ කිසිදු තෙල් හිඟයක් ඇති නොවන බවයි. අවශ්‍ය තෙල් තොග රට තුළ තිබෙන බවත් තෙල් හිඟයක් එන්නේ නම් තමා ඊට කලින් පවසන බවයි.

 



අදහස් (22)

බොරතෙල් නැතිව සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසෙයි

අගුපිලගේ Sunday, 14 November 2021 06:18 PM

පාලිත බ්‍රෝ කිව්වේ බොරුවක්ද ඇමැතිතුමා...?

:       3       74

mohomed agarapatana Sunday, 14 November 2021 06:48 PM

එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් බලන්න පුළුවන් ඉදිරියෙදී....

:       5       72

Dilshad Sunday, 14 November 2021 07:55 PM

ඕකටත් හොඳ නිදහසට කරුණු දෙයි.

:       2       62

Don perera Sunday, 14 November 2021 07:56 PM

තව මදි... තව බත්කන මීහරක් රටේ ඉන්නවා...

:       5       80

sampath Sunday, 14 November 2021 10:47 PM

මේකෙන් වෙන්නේ ඛනිජ තෙල් වලටත් මාෆියාවක් ඇති වෙන එකයි.

:       0       43

වර්ණකුලසූරියMonday, 15 November 2021 02:29 PM

ඉතාලියේ සිසිලි දූපතේ පැලර්මෝ නගරයේ තමයි මාෆියා කල්ලිවල උපත වගේම බලවත්ම මාෆියා කල්ලි බිහි වුනේ. අදටත් මාෆියා නායකයන් ඇමෙරිකන් පුරවැසියන් වී ඇමෙරිකාවේ ජීවත් වෙති. බොහෝ වෙලාවට ඔවුන් කල්ලි මෙහෙයැවීම කළේ ඇමරිකාවේ සිටය. ඉතාලි ආණ්ඩූ බලය ලැබීමටත් මේ කල්ලිවල සහාය ලබා ඇති බව කියනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ තෙල් මාෆියාව, පොහොර මාෆියාව, බෙහෙත් මාෆියාව, ගෑස් මාෆියාව, හාල් මාෆියාව, සුදු වෑන් කල්ලි මාෆියාව වගේ සළකන විට දැන් ලෝකයේ බලවත්ම මාෆියා කල්ලි ඇතිවෙලා තියෙන්නේ මැදමුලන වලව්ව මුල්කරගෙන බවට සැක සිතන්නට සිදුවී ඇත.

:       0       6

Soma dubayi Sunday, 14 November 2021 11:14 PM

එකක් වැහුවා කියලා දඟලන්න ඕන නැහැ. තව පිරිපහදු තියෙන්නේ.

:       51       12

අගුපිලගේ Monday, 15 November 2021 06:30 AM

සෝමා මේ කියන්නෙ ඩුබායි රටේ නොවෙයි අවුරුදු 73 ක් රිවස් එකේ ගියපු ලංකාවෙ සිද්ධියක් ගැන.

:       0       2

DilanMonday, 15 November 2021 08:44 AM

ලංකාවේ තව පිරිපහදුවක් තියෙන තැනක් දන්නවා නම් කියන්නකෝ...

:       0       9

senaMonday, 15 November 2021 10:22 AM

කොහෙද ?

:       0       9

සිල්වා Monday, 15 November 2021 11:20 AM

ඉක්මන් කරලා මන්නාරමේ තෙල් ටික ගමු...

:       0       7

lion Monday, 15 November 2021 05:55 AM

මේ රට විනාස කොට තමන් පෝසත් වූ දේශපාලුවන්ගේ ප්‍රාතිහාරයයි.

:       0       1

chandima Monday, 15 November 2021 06:25 AM

මේ පිරිපහදුව හදද්දී ආණ්ඩු කලෙත් මේගොල්ලෝමයි,

:       0       1

Perera Monday, 15 November 2021 06:59 AM

ආනන්ද පාලිතගෙන් ඇමති සමාව ගත යුතුයි.

:       0       2

Wimal Monday, 15 November 2021 08:12 AM

පඹයෙක් වීරයෙක් කියල හිතන් ජනාධිපති කරවගෙන හොඳටම කරනකොට ඔහොම වෙනවා..හැට නව ලක්ෂෙට ජය වේවා!

:       1       9

sharm warn Monday, 15 November 2021 08:43 AM

මේක වෙන බව අපි දැනගෙන හිටියනේ.. පිළිගන්න බැරිවෙච්චි එකනේ වුණේ...

:       1       8

ජගත් ලියනගේ Monday, 15 November 2021 09:00 AM

"මිනිස්සු පයින් යන්න පුරුදු වෙන්න ඕන . ඉස්සර කාලේ මිනිස්සු කාර් වල නෙවෙයි නේ ගමන් ගියේ ." බලශක්ති ඇමැති ඔහොම නොකිවොත් තමයි පුදුම වෙන්න ඕන .

:       0       13

Shan Monday, 15 November 2021 09:06 AM

අර හොඳටම කරපු එකායි, දැන් සැපද කියලා අහපු එකායි කොහේද දන්නෑ ඉන්නේ.

:       1       12

Hafeel Monday, 15 November 2021 09:45 AM

දැන් ගම්මන්පිලට සාගර කාරියවසම්ගෙන් බැනුම් අහන්නයි වෙන්නේ... ඉදිරියේදී අපිට දෙපාර්ශවයෙන් ප්‍රවෘත්ති සාකච්ඡා බලන්න ඇහැකි...

:       0       11

AN Ishan Monday, 15 November 2021 10:50 AM

ඉරානයෙන් තෙල් ණයට දුන්නා (කලින්) ඒ ණය දුන්නෙ රිෂාඩ් බදුර්දීන්ගේ ඉල්ලීම පරිදි. නැවතත් ඒ ණය ගෙවන්න කලින් ආයෙත් ණයට තෙල් ඉල්ලුවා. ඒකත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ නම ඉස්සරහට දාල. තනි සිංහල ඡන්දවලින් පත්උනු ආණ්ඩුව මුස්ලිම් රටවල්වලින් හි්‍ගා කන අපූරුව... ඒ උනාට ලෝකෙ උතුම රට ලංකාව. උතුම්ම ජාතිය සිංහල..

:       2       12

amila Monday, 15 November 2021 03:19 PM

රට ඉවරයි... පුළුවන් හැමෝම පැනගන්න. අනිත් අයටත් උදව් කරන්න.

:       2       5

sampath Wednesday, 17 November 2021 09:54 PM

තෙල් නැතන් ආයතන ටික වහල දාන්න අනික ඔය තෙල් සංස්ථාව පුදිගලික රණය කල යුතුයි තෙල් මිල කීය වුනත් ඒක ප්‍රශ'නයක' නැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කෙහෙළිය රිමාන්ඩි
2025 මැයි මස 07 1857 2

ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන


පාප්තුමා තෝරා ගැනීමේ ඡන්දය ඇරැඹේ
2025 මැයි මස 07 1717 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම


රිය අනතුරකින් දෙන්නෙක් මරුට
2025 මැයි මස 07 639 0

වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල


ආනයන තීරුබදු යෝජනාව හෙට මැතිසබේට
2025 මැයි මස 07 1267 0

පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.


කෙහෙළිය අත්අඩංගුවට
2025 මැයි මස 07 3233 6

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.


සජබෙන් කොළඹ නගර සභාවට නගරාධිපතිවරයෙක්
2025 මැයි මස 07 10965 11

විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1054 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 253 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1295 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site