( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන සංචාරකයින්ගේ පූර්ණ කොවිඩ් මර්දන  එන්නත්කරණ සහතිකය අද (01) සිට බ්‍රිතාන්‍යයට ඇතුළුවීමේදී පිළිගන්නා බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.

ඒ අනුව බ්‍රිතාන්‍ය පිළිගන්නා එන්නත් වර්ග වනුයේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා, ෆයිසර්, මොඩර්නා , ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත් වර්ග පමණක් යැයි ද බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන සංචාරකයින් සදහා පැවති දින 10 ක හෝටල් නිරෝධායනය ද අවශ්‍ය නොවන බව එම මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.