IMG-LOGO

බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 980 දක්වා ඉහළට

බ්‍රිතාන්‍යයේ පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිත මරණ 980 ක් සිදුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය මැට් හැන්කොක් පවසයි.

මෙය බ්‍රිතාන්‍යයේ එක් දිනක් තුළ සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව වේ.

ඒ අනුව එරට සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 8 958ක් දක්වා ඉහල ගොස් තිබේ.

පාස්කු නිවාඩු ලැබී තිබුණ ද උණුසුම් කාළගුණ තත්ත්වයක් පැවතිය ද මෙම අවදානම් තත්ත්වය හමුවේ නිවෙස් වලින් බැහැර නොයනැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා බ්‍රිතාන්‍යයන්ගෙන් ඉල්ලා ඇත.

මෙවර පාස්කු උත්සවය බ්‍රිතාන්‍යයන්ගේ අධිෂ්ඨානය සම්බන්ද තවත් පරීක්ෂාවක් වනු ඇතැයි ද ඔහු පැවසීය.

අගමැති බොරිස් ජොන්සන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවද හැන්කොක් මහතා තහවුරු කළේය.

අගමැතිවරයා නොමැති වුවද වසංගතය පාලනය කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය කාර්යක්ෂමව ක්‍රියාත්මක වන බවද අගමැතිවරයා විසින් විදේශ අමාත්‍යවරයා ලෙස පත්කරන ලද ඩොමිනික් රාබ් විශිෂ්ඨ ලෙස කටයුතු කරමින් සිටින බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පලකර සිටියේ ඩවුනින් වීදියේ පැවලි ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

බ්‍රිතාන්‍යයේ මේ වනවිට කොරෝනා වයිරස ආසාදිතයින් 73 758ක් වාර්තා වී ඇති අතර 344 දෙනකු සුව වී තිබේ.

(රෝයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 980 දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site