( තිළිණි ද සිල්වා )
බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු මහතාට බි‍්‍රතාන්‍ය මහේස්ත‍්‍රාත් අධිකරණයක් නිකුත් කළ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.
බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු මහතාට රාජ්‍ය තාන්ත‍්‍රික මුක්තිය හිමි බැවින් බි‍්‍රතාන්‍ය නීතිය යටතේ ඔහුට එරෙහිව නඩු පැවරිය නොහැකි බවත් විදේශ අමාත්‍යංශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා එහිදී මෙරට බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයාට පෙන්වා දී ඇත.
එබැවින් මේ පිළිබඳව කරුණු සමාලෝචනය කොට බි‍්‍රතාන්‍ය අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නැයිද විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා මෙරට බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් මහතාට දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.
බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයාව කටයුතු කරමින් සිටියදී එරට ‘1986 අංක දරණ මහජන සාමය පිළිබඳ පනත’ උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් ‘මහජන ලැදියාවන් පිළිබඳ නීති මධ්‍යස්ථානය (පබ්ලික් ඉන්ටරෙස්ට් ලෝ සෙන්ටර්) පැමිණිල්ලක් සිදු කර තිබිණි.
එම පැමිණිල්ල සළකා බලා ඇති ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් මහේස්ත‍්‍රාත් අධිකරණය බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නැයි නියෝග කරමින් වරෙන්නතුවක් නිකුත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මෙහෙම නොවෙයි වෙන්න ඕනේ.. බ්‍රිටිෂ් හයි කමිෂන් එක ගාවට ගිහිල්ලා බෝර්ඩ් උස්සගෙන, වීරවංශ සහෝදරයව දාලා බය කරන්න තියෙන්නේ..
ටොක්කක් ඇනලා යවන්න ඕනෑ...
ගුරුවරු දණ ගස්වන රට. සේවකයන් ගස් බඳින රට. හමුදා නිලයන් කුමක් කරන රටද?
මෙම ක්‍රියාව මොහු කලේ යම් දේශපාලකයකුගේ අදහස මත රටේ ව්‍යාකුල තත්වයක් ඇති කරන්නද? හොරපාරේ ගොස් බලය අල්ලන්න දඟලන දේශපාලකයින් කවුද කියලා කවුරුත් දන්නවනේ. පව් මේ රණවිරුවා...!!!
මෙය දෙමළ ඩයස්පෝරා එකේ වැඩක්..
කවුරුවත් නීතියට යටයි. කරුණාකර වරදට දඬුවම්දී ආදර්ශයක් වන්න. එසේ නොමැතිනම් එය ලංකාවේ නමට කැලලක් වනු ඇත. අප අපරාධකරුවන්ට රැකවල් නොයෙදිය යුතුයි...
ඔලුවෙන් වැඩ කල යුතු වෙලාවක්....
සත පහකට ගණන් ගත යුතු දෙයක් නොවේ.
නියම සිංහල මිනිසුන් නිවට වෙන්නෙ නැහැ. තමන්ගේ රටේ අභිමානයත් සමග කෙලින් සිටින ජාතියක්. එදා බ්‍රිතාන්‍යයේ තානාපති කාර්‍යාලය ඉදිරිපිට දුෂ්ට ජාතිවාදීන් ඉදිරියේ කොන්ද කෙලින් තියන් ඔවුන්ගේ කැත වාග්ප්‍රහාරවලට නොබියව මුහුණදුන් නිර්භීත නිලධාරියෙක් ඔහු... ඔවුන්ගේ නීතියට යටත් වෙන්න. ඔවුන් හිතාගෙන ඇති ඔවුන්ගේ නිවට පාලකයෝයි මේ ඉන්නේ කියලා...
වැඩකට නැති සහ තේරුමක් නැති දෙයක් කරන්න ගිහින්නේ මේ ඔක්කොම කරදර...
දැන් අර නවසීලන්තේ රගර් ගහනකොට කරන නැටුමටත් නඩු දන්නා වෙනවා.. හකා නැටුමේ.. ඒකෙත් මේවගේනේ..
මීට කලින් ඔයිට වඩා දරුණු විදියට විරෝධතා තිබුණා. ඒ වෙලාවේ මහකොමසාරිස් කාර්යාලයේ සේවය කරපු හමුදා නිලධාරීන් නිලඇඳුම පිටින් එළියටවත් ආවේ නෑ. ඒකෙන් පෙන්නන්නේ ඒ හිටපු අයගේ රාජ්‍ය තාන්ත්‍රික භාවයයි...
එතකොට හමුදා නිලධාරියා වැරදී . ලංකාවේ ජාතික කොඩිය පාගපු දුන්කොළ වවන්න ලංකාවට ගෙනාපු කල්ලතෝනි හරිද. ඒ අයට විරුද්දව රජය මොනවද ගත්තු පියවර. උතුරේ පන්සල් ඩොසර් කරන එක මම නොවන මම දැකකේ නැත්ද.
නියම වීරයෙක් අපේ රට සහ අපි කාගෙවත් වහල්ලු නොවන්නෙමු... එංගලන්තෙට තමුන්ගේ වැඩක් බලාගන්න කියන්න තරම් පිරිමියෙක් අපේ විදේශ අමාත්‍යාංශයවත්, පාර්ලිමේන්තුවත් අම්මපා නැහැනේ...
එදා කරපු තර්ජන රංගනය මුළු ලෝකෙම දැක්කා. තවමත් වෙබ් වල තියෙනවා. එමනිසා 30 වසරක යුද්ධයකින් නිදහස් කරගත් අපේ මව්බිම අමුඅමුවේ මුළු ලෝකයා ඉදිරියේ ශ්‍රී ලාංකිකයෝ මිලේජ්ඡ මහා දරුණු මිනීමරු ජාතියක් ලෙස පාවාදුන්නා. මෙහුාව වහා හමුදා අධිකරණයෙන් සුදුසු පියවරක් ගතයුතුයි. රටේත් සියලු හමුදාවන්ගේ කීර්තිය වෙනුවෙන්..
මේකට හොදම පිළිතුර නම් දැනට අවුරුදු 12 කට කලින් වගේ විදේශ සේවාවන් වලට පොලිස් ඉහල නිලධාරින් පත් කල යුතුයි... පෙර සේ එවිට සියලු ප්‍රශ්න කම්මුතුයි. එවැන්නක් කරන්න මේ කාරනාව ඉතා හොද පදනමක් යැයි මම තරයේ සිතමි
ජගත් ඔයාගේ කතාවට මම එකඟයි.. මෙයා මේ කලේ පනින රිලවුන්ට ඉනිමන් තිබ්බා වගේ.. මේකේ පිටිපස්සේ රණවිරුවෝ කියාගත් රණවිරුවෝ විකුණන් දේශපාලන බිස්නස් කරන අයගේදෝ සැකයි..
මේ ක්‍රියාව මම දකින්නේ කීර්තිමත් ශ්‍රී ලංකාවත්, කීර්තිමත් රණවිරුවන්වත් අමුඅමුවේ පාවාදීමක්... කඩිනමින් සුදුසු පියවරකට යායුතුයි...