IMG-LOGO

බ්‍රිතාන්‍ය ගුවන් සේවය රැකියා 36,000 ක් අත්හිටුවීමට යයි

සේවකයන් 36,000 කගේ සේවය අත්හිටුවීමට බ්‍රිතාන්‍ය ගුවන් සේවය (බ්‍රිටිෂ් එයාර්වේස්) සූදානම් වෙයි.  මේ සඳහා බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ පරිපාලනයත් සේවක සංගමයත් අතර සති ගණනක් තිස්සේ සාකච්ඡා කරමින් සිටී.

මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ගුවන් සේවය සහ සේවක සංගමය එකඟතාවකට පිවිස ඇතත් තවමත් ගිවිසුම අත්සන් කර නැත.

කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ ගුවන් යානා සියල්ලම පාහේ මේ වන විට ගුවන් ගමන් වලින් ඉවත් කර තිබේ.

එකඟතාවට අනුව බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ ගුවන් යානා සේවක කාර්ය මණ්ඩලය, භූමි මෙහෙයුම් කාර්යමණ්ඩලය, ඉංජිනේරුවන්, ප්‍රධාන කාර්යාලයේ සේවකයන් යනාදී අයගෙන් 80% කගේ සේවය අත්හිටු වනු ඇත. කෙසේ නමුත් සේවක පිරිස අඩු නොකරන බව ද බ්‍රිතාන්‍ය ගුවන් සමාගම ප්‍රකාශ කළේය.

බ්‍රිතාන්‍ය රජය රැකියා සුරක්ෂිත කිරීමේ යෝජනා ක්‍රමයක් ස්ථාපිත කර ඇති අතර සේවය අත්හිටුවන පිරිසගේ වැටුප් එම ක්‍රමය ඔස්සේ ආවරණය වේ. මසකට ස්ටාර්ලිං පවුම් 2,500ක් උපයන ඕනෑම අයකුට රජයේ යෝජනා ක්‍රමය යටතේ ඔවුන්ගේ වැටුපෙන්  80% ක මුදලක් හිමි වේ.

ගුවන් සමාගමේ වියදමෙන්  40% ක් සේවක කාර්යමණ්ඩලයේ වැටුප් සඳහා වැය වේ. කොරෝනා වයිරසයෙන් බලපෑමට පත්වූ සමාගම්වලට උපකාර කිරීමට ද බ්‍රිතාන්‍ය රජය යෝජනා ක්‍රමයක් ස්ථාපිත කර ඇති අතර ඒ අනුව සමාගමේ වැටුප්වලින් 80% ක් පමණ ආවරණය කරගැනීමට බ්‍රිතාන්‍ය ගුවන් සමාගමට අවස්ථාව ලැබෙනු ඇතැයි පැවසේ.

කොරෝනා වයිරසය හේතුවෙන් ලොව පුරා ගුවන් සමාගම් සිය ගුවන් වාර සීමා කිරීමට පියවර ගත්තේය. බ්‍රිතාන්‍ය තුළ කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගෙන මේ වනවිට සතියකට වැඩි කාලයක් ගතව ගොස් තිබේ. මේ තත්ත්වය හේතුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානා රැසක් ගුවන් තොටුපොළවල නවතා ඇත.

බී.බී.සී. ඇසුරිනි

055



අදහස් (0)

බ්‍රිතාන්‍ය ගුවන් සේවය රැකියා 36,000 ක් අත්හිටුවීමට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 284 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site