කොරෝනා ආසාදනය වී රෝහල් ගත කළ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ (12) රෝහලෙන් පිටව ගියේය.
කෙසේ නමුත් ඔහු දැන්ම රාජකාරි කටයුතු ආරම්භ නොකරන බවත් සිය නිවසේ සිට ප්‍රතිකාර ලබන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය. හෙතෙම පූර්ණ සුවය ලබන තෙක් නිවසට වී විවේකීව සිටිනු ඇතැයිද එම කාර්යාලය සඳහන් කළේය.
"වෛද්‍ය උපදෙස් මත ඔහු දැන්ම රාජකාරී අරඹන්නේ නෑ. ඒ වගේම ඔහු ශාන්ත තෝමස් රෝහලේ සියලු දෙනාට කෘතඥ වෙනවා" යැයි අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශකයෙක් කීය.
කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ උත්සන්න වීමත් සමඟ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අප්‍රෙල් 5 වැනිදා ලන්ඩන් නුවර ශාන්ත තෝමස් රෝහලට ඇතුළත් කළේය. හෙතෙම අප්‍රෙල් 6 වැනිදා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ අතර දින තුනක් එහි සිට ප්‍රතිකාර ලැබුවේය.
අල්ජසීරා
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන තරම් ඉකමනට කොරෝන හොඳ වෙනවද ? 100 % හොඳ වෙන්න ඉස්සරින් ගෙදර යවනවද ? ලංකාවේ නම් කොරෝන රෝගියා 100 % හොඳ වෙනකම් අනිවාර්යයෙන්ම සති 3-4 රෝහලේ ඉන්නම ඕනේ ? මුළු ගම්මානයම අගුලු දමනවා
දෙවියෝ අපේ අගමැති බේරා දුන්නා. දෙවි පිහිට ලැබේවා