
(ඩයනා උදයංගනී සහ අජිත්ලාල් ශාන්තඋදය)
ප්‍රවීණ හා ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී බර්ටි ගුණතිලක මහතා අභාවප්‍රාප්ත විය.
මහනුවර අම්පිටියේදී 1924 අගෝස්තු 2 වන දින උපත ලැබූ ඔහු මියයන විට 97 හැවිරිදි වියෙහි පසුවිය.
වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය හා චිත්‍රපට ගණනාවක රංගනයෙන් දායක වූ ඔහු සිවුදරු පියෙකි. බර්ටි ගුණතිලක මහතා සහ ප්‍රහසන රංගන ශිල්පී ඇනස්ලි ඩයස්, සැමුවෙල් රොද්‍රිගු යන තිදෙනා එක්ව කළ ප්‍රහසන රංගනයන් මෙරට ලොකු කුඩා කවුරුත් අතර ඉතා ජනප්‍රිය වූ අතර ඔවුන් තිදෙනා හැඳින්වූයේ රජ තුන්කට්ටුව ලෙසිනි.
අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දශක 5කට වඩා ශ්‍රී ලාංකීය කලාකෙතේ ප්‍රහසන රංගනය විශීෂ්ඨවත්ව රංගනය කළ බර්ටි ගුණතිලකයන්ට උතුම් වූ නිර්වාණ සුවය අත්වේවා..!
ලාංකීය පුරවැසියන්ගේ රුධිරය පිරිසිදු කිරීමට ඍජුවම දායකවූ ඔබතුමන්ට නිවන්සුව අත්වේවා..!!!!
ඉන්නකම් රට වෙනුවෙන් හොඳක්ම කළ ඔබතුමා අප සැමට මහඟු ආදර්ශයකි. ඔබතුමාට නිවන් සුව ලැබේවා..!
ගෙවා දැමූ ජීවිතය අවසන්,.. ඉදිරි භව ගමන... දැහැමිව, නිදුකින්, නිරෝගිමත්ව, සැනසිලිදායක බවින් යුතු වේවා...!!! භව ගමන අවසන අජරාමර නිර්වාණයම අවබෝධ වේවා...!
සැබෑලෙසම ප්‍රහසන කලාකරුවෙකි. බර්ටි ඒ යුගයේ සිට අද දක්වා ජීවත් වූ අවසන් ප්‍රහසන කලාකරුවායි. බර්ටිට නිවන්සුව පතමු...
ඔබ අප හිනැස්සුවා, සැමුවෙල් රොඩ්රිගෝ සහ ඇනස්ලි ගුණතිලක සමග... මියයාම අප කාටත් පොදුයි. ඔබට නිවන් සුව ලැබේවා...!
ඔබට අමාමහ නිවන්සුව අත්වේවා... !
ශ්රී ලාංකික කලාකෙත අස්වැද්දීමට ඔබගෙන් සිදුවූ සේවය අතිවිශිෂ්ඨයි. ඔබතුමාට නිවන් සුව අත්වේවා... !!!