IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බේරේ ව්‍යාපෘතියේ කෝටි 12ක් ගියේ කාගේ සාක්කුවටද?

(සුජිත් හේවාජුලිගේ)

කොළඹ බේරේ වැවේ රොන්මඩ ඉවත් කිරීම සඳහා යන්ත්‍ර තුනක් මිලදී ගැනීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව රුපියල් කෝටි විසි අටක ඇස්තමේන්තුගත පිරිවැයට වඩා රුපියල් කෝටි 12ක් වැඩිපුර වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

මෙම යන්ත්‍ර තුන මිලදී  ගෙන ඇතැයි පැවසෙන්නේ  අමාත්‍ය මණ්ඩලය 2019 වර්ෂයේ ජුලි මස 3වැනිදා ගත් තීරණයක් අනුවය.

මේ අතර ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මුතුරාජවෙල අක්කර හතරක පමණ ඉඩමක් 2019 වර්ෂයේදී උපකල්බදු (sub lease) දීමේදී  අය කළ යුතු ගාස්තු අඩුවෙන් ගණනය කිරීම හේතුවෙන් එම සංස්ථාවට රුපියල් කෝටි 5කට වැඩි පාඩුවක් සිදුවී ඇතැයිද  එම වාර්තාවේ දැක්වෙයි.

මෙම ඉඩම උපකල්බදු  දීමේ  ගාස්තුව වූයේ  රුපියල්  පන් කෝටි හැට ලක්ෂයකි. එම ගාස්තුව රුපියල් ලක්ෂ විස්සක් ලෙස ගණනය කර අය කිරිම හේතුවෙන් මේ පාඩුව  සිදුව ඇති බව විගණන අංශ පවසයි.

තවද මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පවා ලබාගෙන නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ 2019 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (3)

බේරේ ව්‍යාපෘතියේ කෝටි 12ක් ගියේ කාගේ සාක්කුවටද?

sam Tuesday, 22 November 2022 11:14 AM

කාගේද ඉතින් පවුලේ අයගේ විදේශ ගිණුම් වලටනේ...

:       3       7

APerera Tuesday, 22 November 2022 12:00 PM

මං හිතන්නෙ කාගෙවත් සාක්කුවකට ගියෙ නැහැ. ගියෙ උගන්ඩාවට. පොඩ්ඩක් ඒ පැත්තෙ බැලුවනම්.....

:       0       3

vernon Tuesday, 22 November 2022 01:53 PM

ඇස්තමේන්තුවයි මිලට ගත්ත ගානයි අතර වෙනසක් තියෙන්න පුළුවන් ඇස්තමේන්තුව හැදුවට පස්සෙ මිල වැඩි වෙලා නම්. මිලට ගත්ත ගානයි ඇත්ත මිලයි සැසඳුවා නම් හරි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 116 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site