(මතුගම බන්දු තඹවිට)
සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංගනය කරමින් පවත්වාගෙන ගිය බූරුපොලක් වටලා සූදු ක්‍රීඩාවේ නිරතවූ පුද්ගලයන් 11 දෙනෙකු මතුගම මුලස්ථාන පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.
නවුත්තුඩුව කරම්පෑතර ප්‍රදේශයේ නිවසක නීති විරෝධීව බූරු පොලක් පවත්වාගෙන යන බවට ලැබුණු තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී බූරු ගැසීමේ නිරතවූ එම ප්‍රදේශයේම පදිංචි 11 දෙනෙකු මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට ගත් සැකකරුවන් නිරෝධායන නීති කඩකරමින් සූදු කෙලීමේ චෝදනාවට අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත අතර කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත,කළුතර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස,කළුතර කොට්ඨාශ 1 භාර පොලිස් අධිකාරී සුසිල් විජේගුණවර්ධන මහත්වරුන්ගේ උපදෙස් අනුව මතුගම මුලස්ථාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ඩී.කේ.රුද්‍රිගු ඇතුළු නිලධාරීන් මෙම වැටලීම සිදුකළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd