
(අංජුල මහික වීරරත්න)
විරුද්ධ පක්ෂය හිරේ දමමින් මර්දනය කළාට ඩෙංගු වසංගතය මර්දනය වන්නේ නැතැයි හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී පැවැසීය.
වර්තමානයේ ඩෙංගු වසංගතය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග මොනවාදැයි සේනාරත්න මහතා එහිදී ප්‍රශ්න කළේය.
කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත් මහතා:-
අද අපි මේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳව.දැන් මෙය වසංගත තත්ත්වයකට පැමිණ තිබෙනවා.ඩෙංගු අවසානයේදී වසංගත තත්ත්වයකට ආවේ 2017වර්ෂයේදී. ඒ අවස්ථාවේදී මේ ඩෙංගු රෝගය මුළු ලෝකය පුරා පැතිරිලා තිබුණා. ලෝක සෞධ්‍ය සංවිධානය කියන විදිහට ඒ කාලයේ ලෝකයෙන් බාගයක් අධි අවධානම් කලාප හැටියට නම් කරලා තිබුණා.
අපේ රට තිබුණෙත් ඒ අධි අවධානම් කලාපයේ. පසුගිය සමයේ ඩෙංගු වසංගතය පැමිණි වහාම එය මර්දනය කරන්න ගත්ත පියවර මොනවාද? අපි ගත්ත ක්‍රියාමාර්ග මේ රටේ ජනතාව අහගෙන හිටියොත් මේ වසංගතයෙන් මිදෙන්න කොයිතරම් බැරෑරුම්ද කියන එක තේරෙනවා.
ලංකාවේ තිබුණ වසංගත රෝග හයක් සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න යහපාලන රජය යටතේ අපිට පුළුවන් වුණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු නැත්නම් ෂෝක් මහත්තයෝ.
විපක්ශය මර්දනය කරනවා නෙමෙයි හොරාකාපුවාට මිනීමැරුවාට නඩු අහලා හිරේ යනවා. තමුන් ලෑස්ති වෙලා ඉන්න කප්පම් කාපුවාට.. එතකොට ලන්කාවේ හිරගෙවල් තියෙන්නේ ජනතාව වැරැදි වැඩ කෙරුවාම හිරේ දාන්න විතරද? ඩෙන්ගු ප්ර්ශ්නය මාලිමා ආන්ඩුව විසදා ගනීයි. ගොබ්බයෝ වසන්ගත රෝග හයක් තුරන් කෙරුවා ලොකුම වසන්ගතේ තුරන් කෙරුවේ ජනතාව හොරාකාපු ගොබ්බ රැලව එලවලා හිරගෙදරට යන්න පාර කැපුවා. කාලකන්නින්ට දැන් ජනතාවට බොරු කියලා බලය ගන්න බැරි තත්වයට පත්වෙලා ඉන්නේ. නාකිමයිනාත් අඩනවා. මයිනා කන්න ආස දෙයක් අරන් යන්න බලන්න. ඔබලා ඒ කාලේ ජිවත් වුණු විදිය මතක් වෙනකොට ආසයි බයයි නේද.?
දැන් කරගන්නම දෙයක් නැති තැන මේක ඩෙංගුවක් අල්ලා ගත්තා. මේ දාර අපතයෙක් , සව්ක්ය ඇමැතිවෙලා ඉන්න කොට මේකට මෙහේ රෝහල් හොද නැහැ, මේක සිංගප්පූරු ගියා ගිහිල්ලා මේ රටේ දුප්පත් මිනිසුන්ගේ සල්ලි කෝටියක් විතර ඒ රෝහලට පුජා කළා. මේක කප්පම් අරගෙන හෙට අනිද්දා වැලිකඩ යන්න ඉන්නේ... මේ නාඩගම් නටන්නේ වැලිකඩ යනකන්