(විමුක්ති එස් රුද්‍රිගු)

"ලේඩි ආර්3" නෞකාවේ සිට මුදවා ගත් ශ්‍රී ලාංකිකයන් 303 දෙනා අතර එම නැවේ කපිතාන්වරයා නොමැති බව වියට්නාම මාධ්‍ය වාර්තා කළේය.

නැවේ ඇති වූ දෝෂය හේතුවෙන් මුහුදේ පාවෙමින් තිබියදී කපිතාන්වරයා පිටව ගිය බවත් ඔහු නැවත නොපැමිණි බවත් බේරගත් ශ්‍රී ලාංකිකයන් ප්‍රකාශ කළ බව වියට්නාම මාධ්‍ය පැවසුවේය.

මේ බව වියට්නාම බලධාරීන්ද තහවුරු කර ඇති අතර කපිතාන්වරයා සම්බන්ධව පරීක්ෂණයක් ද ආරම්භ කරන බව වියට්නාම බලධාරීන් ප්‍රකාශ කර ඇත.

වියට්නාමය සහ පිලිපීනය අතර මුහුදේ යාන්ත්‍රික දෝෂයකට ලක්ව ගිලෙමින් තිබූ 'ලේඩි ආර් 3' නැවේ ගමන් ගත් ශ්‍රී ලාංකිකයන් 303 දෙනෙකු පසුගිය දා  බේරා ගන්නා ලදි.