
(රෝහණ සමරවීර සහ ලසන්ත නිරෝෂණ)
බලංගොඩ ගවරන්හේන බඹරගල කන්ද නාය යාමෙන් වැහින්තැන්න ගම්මානයේ නිවසක සිටියදී පස් යට මිහිදන්වී ඇති බවට සැකකරන එකම පවුලේ සිව් දෙනෙකු සොයා යුද හමුදාව සහ පොලිසිය ගම්වාසීන් එක්ව තවමත් මෙහෙයුම් සිදු කරමින් සිටිති.
එම නාය යාමෙන් නිවාස දෙකකට අර්ධ හානි සිදුවූ අතර එක් නිවසක් එහි සාමාජිකයන් සිව් දෙනකු සමග සම්පූර්ණයෙන්ම නායට හසුවී ඇත.
හීතකැලේ සුමිත් කුමාර (47) එදිරියන් කඩවල කන්දේ දුරුගේ සිරියලතා (41) තෂාරා නවෝදී (16) මන්සා ඉසුරු (10) යන මව පියා දියණියන් දෙදෙනා එසේ පස් යට සැගවී ගොස් ඇත. කුරුව්ට යුද හමුදා කදවුරේ භට පිරිස් බැකෝ යන්ත‍්‍ර යොදා ගනිමින් එම ස්ථානයේ කැණීම් කටයුතු සිදු කරමින් සිටිති.
නාය සමග පහළට පැමිණ එහි සිරවී ඇති ව්ශාල ගස් හා ගල් කැණීම්වලට මහත් බාධයන්ව ඇති අතර එම ගස් යාන්ත‍්‍රික කියත් උපයෝගී කරගෙන කපා ඉවත් කරමින් එම කැණීම් කටයුතු තවමත් සිදු කරමින් සිටිති.
නමුත් මේ දක්වා අතුරුන් පුද්ගලයන් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර මෙහෙයුම දිගටම ක‍්‍රියාමක කරන බව බලංගොඩ පොලිසිය පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd