(රංජිත් රාජපක්ෂ

අනුරාධපුර සිට පැමිණ කෙසෙල්ගමුඔයේ දිය නාමින් සිටි පිරිසක් අතර සිටි අයකු  බඹර කුඩුවකට  ගලකින් පහර දිම නිසා බඹරුන් ඇවිස්සි  ප්‍රහාරයට ලක් වූ 50කට ආසන්න පිරිසක් රෝහල්ගත කළ බව පොලිසිය කියයි.

රෝගින් අතරින් බරපතල තත්ත්වයේ සිටි රෝගින් 30 දෙනකු පමණ වටවල ප්‍රාදේශිය රෝහල සහ දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවු බව නෝටන්බ්‍රිජ් ප්‍රාදේශිය රෝහලේ වෛද්‍ය පි.සි.ද සොයිසා මහතා පැවසිය.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු අය අතර කාන්තාවන් සහ කුඩා ළමුන් කිහිප දෙනකු සිටින බවත්, තුවාලකරුවන් යුද හමුදාවේද සහයෝගය ඇතිව රෝහල් ගත් කළ බවත්, තුවාලකරුවන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් නෝටන්බ්‍රිජ් ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයා කියා සිටියේය.