( ප්‍රසන්න පද්මසිරි)

ඇතිමලේ ඉසුරුපාසලේ  පැවැති රැස්වීමක් අතරතුර  බඹර කූඩුවක් විදුහල්පතිවයාගේ ඇගට කඩා වැටී බඹරු  ඇනීමෙන් සිසු සිසුවියන් හා ගුරුවරුන් ඇතුලු 65 දෙනෙකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි,

පාසල ආරම්භවීමත් සමග අද (14) උදෑසන රැස්වීම පවත්වන අතරතුර පාසල් ගොඩනැගිල්ලක කොරිඩෝවක තිබු විශාල බඹරයක් එක්වරම විදුහල්පතිවරයාගේ ඇග මතට කඩා වැටීමත් සමග සිසු සිසුවියන් හිස් ලූ අත දිවයාමේදී සිසුන්ටද  බඹරු ඇන තිබෙන බව පොලිසිය කියයි.

තුවාල ලැබු විදුහල්පතිවරයා සමඟ ගුරුවරුන් දෙදෙනෙකු සහ සිසු සිසුවියන් 62ක් ඇතිමලේ රෝහලට ඇතුලත්

කිරීමෙන් පසු අසාධ්‍ය වු සිසුන් දෙදෙනෙකු සියඹලාණ්ඩුව රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලිසිය කියයි.

ඇතිමලේ පොලිසිය පරීක්ෂණ පවත්වති.