
(රංජිත් රාජපක්ෂ)
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හත්දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.
බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ ඊයේ (23) සවස දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට මෙසේ බඹර ප්‍රහාරය එල්ල වි ඇත.
ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කල කාන්තාවන් හත් දෙනාගෙන් දෙදෙනෙක් බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවත්, සෙසු කාන්තාවන් රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බවත් බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය මහතා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේ දළු නෙළන්නියන්, වතු සේවකයින් වගේ ලියා පළකරනවා නම් හොඳයි