(සමන් පාලිත නානායක්කාර)

හපුතලේ පහළගල්කන්දේ දී ආගමික උත්සවයක් අතර තුර ඊට සහභාගි වූ පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී එකොළොස් දෙනකු රෝහල් ගත කළ බව හපුතලේ පොලිසිය කියයි.

ගල්කන්ද කෝවිලක පැවති ආගමික උත්සවයක් අතරතුර කෝවිලේ සිට අසල ගඟට එමින් සිටි පිරිසකට මෙසේ බඹර ප්‍රහාරය එල්ලවී තිබේ.

මෙම පිරිස සීනු සහ ,බෙර හඬ නංවමින් විවිධ ශබ්ද නගමින් එන අතරතුර අසල ගසක බැඳ තිබූ බඹර වදයක් ඇවිස්සී පිරිසට දෂ්ට කර තිබේ.

තුවාල ලැබූ පිරිස  හපුතලේ දිසා රෝහලටත් හත්දෙනෙකු දියතලාව මූලික රෝහලටත් ඇතුළත් කළ බව රෝහල් ආරංචිමාර්ග කියයි.