
(අංජුල මහික වීරරත්න)
පොදු ප්‍රවාහනය ජනතාවගේ පහසු තේරීම බවට පත් කිරීම රජයේ අරමුණ බව "සිහින ගමනාන්තය" (Dream Destination) ව්‍යාපෘතිය යටතේ නවීකරණය වූ බම්බලපිටිය දුම්රිය ස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන "සිහින ගමනාන්තය" (Dream Destination) ව්‍යාපෘතිය යටතේ නවීකරණය කරන ලද බම්බලපිටිය දුම්රිය ස්ථානය අද(10) විවෘත කෙරිණි.
ශ්‍රී ලංකා දාවුදි බෝරා සංගමය විසින් රුපියල් මිලියන 60ක මුදලක් වැය කරමින් නවීකරණය කරන ලද දුම්රිය ස්ථානය සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නිමවන ලද දුම්රිය ස්ථානයේ නව පිවිසුම් ගුවන් පාලම අග්‍රාමාත්‍යවරියගේ නිරීක්ෂණයට ලක් විය. මෙහිදී උත්සව සභාව ආමන්ත්‍රණය කළ අග්‍රාමාත්‍යවරිය කොළඹ දිස්ත්‍රික්කයේ කාර්යබහුල මෙන්ම ජනතාවට ඉතා හුරුපුරුදු ස්ථානයක් වන බම්බලපිටිය දුම්රිය ස්ථානය මෙලෙස නවීකරණය කර ජනතාව වෙත ලබා දීමට මැදිහත් වීම සම්බන්ධයෙන් බෝරා ප්‍රජාව වෙත විශේෂ ස්තුතිය පුද කරන බව කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd