
(අංජුල මහික වීරරත්න)
බිම්ස්ටෙක් සාමාජික රටවල තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ විවිධ හැකියාවන් ආර්ථික සහ සමාජීය සංවර්ධනය සඳහා යොදා ගැනීම අරමුණු කරගත් පළමු තරුණ සමුළුව ඉන්දියාවේ අහමදාබාද් හි දී ආරම්භ විය.
ඉන්දියාවේ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය මන්සුඛ් මන්දාවියා, එරට තරුණ කටයුතු සහ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රක්ෂා ඛාඩ්සෙ, ගුජරාටි ප්‍රාන්තයේ මහ ඇමති ශ්‍රී භුපේන්ද්‍ර රජ්නිකාන්ත් පටේල්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් (නැගෙනහිර) ශ්‍රී ජයදීප් මසුම්බර් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අහමදාබාද්හි ගාන්ධි මන්දිර්හිදී මෙම සමුළුව ආරම්හ කෙරුණි.
එම අවස්ථාවට බිම්ස්ටෙක් රටවල් හත නියෝජනය කරමින් සහ ඉන්දියාවේ මයි භාරත් සංවිධානය නියෝජනය කරමින් තරුණ තරුණියෝ එක්ව සිටියහ.
බිම්ස්ටෙක් තරුණ සමුළුවට සහභාගී වීම සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුළු නියෝජිතයෝ ද ඉන්දියාවට ගොස් සිටිති.
"තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල්කරණය තරුණ ප්‍රජාව සවිබල ගැන්වීමට සහ යහපාලනයට යොදා ගැනීම " තේමාව යටතේ මෙම සමුළුව පෙබරවාරි 10 වෙනිදා දක්වා පැවැත්වේ.
2025 නොවැම්බර් මස 17
15
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
862
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2494
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බිම්ස්ටෙක් තරුණ සමුළුව ඇරැඹෙයි