IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්

(අංජුල මහික වීරරත්න)

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

ඔවුන් දක්ෂ තරුණ උගත් කැපවීමෙන් වැඩ කළ හැකි දෙදෙනෙක් බවද අමාත්‍යවරයා කීය.

එම නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා සමග එක්ව වැඩ කරන බව කී බිමල් රත්නායක මහතා පෞද්ගලික න්‍යාය පත්‍රයකට අනුව තම අමාත්‍යාංශය වැඩ නොකරන බවද කීය.

 



අදහස් (3)

බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්

lalindra Wednesday, 20 November 2024 11:22 PM

රේල්ලුවටනම් නියෝජ්‍ය අමාත්‍යවරු දෙතුන් දෙනෙක් පත්කරත් කමක් නෑ. නියොජ්‍ය සාමන්‍යධිකාරිවරු දෙන්නෙක් තමුන්ගේ මනාපයට කොරන වැඩ කටයුතු වලින් මිනිස්සු විදින දුකෙන් මුලින්ම බේරලා දෙන්න. ගම්පහ එක්කෙනා දුර ගමන් දුම්‍රිය ගම්පහ නතර කරලා මිසක් යන්න දෙන්නේ නෑ. එයා හිතන්නෙ එයා රෙල්ලුවට පත් කරලා තියෙන්නේ ගම්පහ ජනතාවට සේවය කරන්න කියලා. ඒ මහත්තයා දන්නෙ නෑ කැළණියේ ඉඳන් අඹෙපුස්සට යනකන් ගම්පහ දිස්ත්‍රිකයට අයිති කියලා. ගම්පහ ජනගහනය වැඩි කියලා තර්ක දාගෙන තමුන් පදිංචි නගරෙට සේවය සලසා ගන්නවා. නුවර ඉදන් එන එක්කෙනා කාර්‍යාල නොවන ඔහු යන එන දුම්රියන් කාර්‍යාල දුම්රියන් අභිබවා ප්‍රමුඛතාවය ලබා ගන්නවා. කාර්‍යාල දුම්රිය මීරිගම වේයන්ගොඩ හෝ ගම්පහ විනාඩි 10-15 නවත්වලා එයා ගමන් කරන කාර්‍යාල නොවන දුම්රියට ප්‍රමුඛතාවය ලබා ගන්නවා. මිනිස්සු කොච්චර රස්තියාදු වුනත් සතේකට මායිම් නොකර.

:       0       2

K, mohan Thursday, 21 November 2024 08:46 PM

වරායට වෙනම සහයට තව නියෝජ්‍ය අමාත්‍යංශයක් අනිවාර්යයෙන් පත්කිරීම සුදුසුයි. හේතුව වරාය ටෙන්ඩර් කැඳවීමේ දී මහා හොරකම් , දූෂණ සිදුවෙනවා.

:       0       0

බමුණුආරච්චි Friday, 22 November 2024 06:36 AM

උගත්? ඒ කිව්වේ ඩිග්‍රියක් තිබෙන අයද? ඩිග්‍රිය තිබුණ පලියට වැඩ කරන්න පුළුවන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site