(බිමල් ශ්‍යාමන් ජයසිංහ ඉන්දිකා රාමනායක)

බම්බලපිටිය ස්කෙල්ටන් පාර ව්‍යාපාරිකයකුගේ සුවිසල් නිවසට හොර රහසේ ඇතුළු වී පිස්තෝල ගිනි අවියක් සහ රුපියල් කෝටි තුනකට අධික වටින් දෙස් විදෙස්  මුදල් සහ රන්භාණ්ඩ සොරාගෙන ගොස් ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.

එම නිවසේ තිබූ රජයේ බලපත්‍ර මත ලබාගත් පිස්තෝල ගිනි අවියක්,පතරොම12ක,මැග්නීසිනයක්,රුපියල් එක්කෝටි එක් ලක්ෂයක මුදලක්, ඇමරිකානු ඩොලර් 6,000 , හා රුපියල් මිලියන 10කට අධික රන් භාණ්ඩ තොගයක් සොරාගෙන ගොස් දේපල අතර වන බව පොලිසිය කියයි.

නිවසේ කෝටිපති ව්‍යාපාරික කාන්තාව සහ මෙහෙකාර සේවිකාවන් දෙදෙනා සිටියදී මෙම සොරකම සිදු වී ඇතැයි පොලිසිය කියයි.

බම්බලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි