
(ලක්මි කුඩලිගම)
විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් අතතැතිව බුලත්සිංහල කල්ලුමලේ මාර්ගයේ සැරිසැරු පුද්ගලයෙකු අද (9) සවස අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බුලත්සිංහල අතුර ප්‍රදේශයේ පදිංච් 40 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු මීට ඉහතදීද ප්‍රදේශයේ විවිධ සොරකම් රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයෙකු බවද පොලිසිය සඳහන් කරයි.
මේ පුද්ගලයා ජීව අත්බෝම්බයත් රැගෙන බුලත්සිංහල ඉහළ වෙල්ගම, කල්ලුමලේ ප්‍රදේශයේට පැමිණෙන බවට බුලත්සිංහල පොලිසියේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත පොලිස් නිලධාරින් පිරිසක් මාර්ගයේ රැක සිට මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු හෙට (10) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චමින්ද ද සිල්වා මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක දුලාංජන ඒකනායක මහතා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් පරික්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අපරාධ කාරයින් බිහිවන්නේ නුගත් දේශපාලනන බලධාරීන් නිසාය.ඔවුන්ගේ ආරක්ෂාවට රටේ ඉන්න සියලුම අපරාධකාරයින් ලංකරගෙන ඔවුන් චන්ඩි විදිහට සමාජයට ආවුද සහිතව මුදා හරිය විට රටටම කරදරයකි.මුලින්ම මේ නුගත් දේසපාලුවන් රටෙන් අතුගා දැමිය යුතුය.ඉන් පසු මේ වගේ අපරාධකාරයින්ට ආරක්ෂාව නැති වෙනවා.
බෝම්බයක් අතේ තිබුණත් වැඩක් නැහැ... ඒක පාවිච්චි කරන්න මොලයක් නැතිනම්..