( රොමේෂ් මධුෂංඛ)
වව්නියාව පුලියන්කුලම පූතූර් කෝවිල ප‍්‍රදේශයේදී අතුරුමාර්ගයක බෝම්බ සහිත බෑගයක් දමා පලා ගිය සැකකරුගේ නිවස හා අවට කළ සෝදිසි මෙහෙයුමකදී තවත් බෝම්බ හා ගිනිඅවියක් සමඟ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පුලියන්කුලම් පොලීසිය පවසයි.
ප්‍රධාන සැකකරුගේ බෑගයේ තිබී හමු වූ ජංගම දුරකතන පරීක්ෂාවෙන් හෙළි කරගත් තොරතුරුවලට අනුව පළමුව කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු පුලියන්කුලම් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුරුව අදාළ සැකකරුවන්ගෙන් ලැබුණු තොරතුරුවලට අනුව ඊයේ (06) සවස් වනතුරු පුලියන්කුලම් පොලීසිය හා යුද හමුදාව ඒකාබද්දව කරන ලද සෝදිසි මෙහෙයුමකින් අනතුරුව පලාගිය ප්‍රධාන සැකකරු පදිංචිව සිටි බවට ද සැකකෙරෙන අත්අඩංගුවට ගත් සැකකාරියගේ නිවස හා අවට කරන ලද සෝදිසි මෙහෙයුමකදී තවත් ටී56 ගිනිඅවියක් හා මෝටාර් බෝම්බ දෙකක් හමුවී ඇත.
පලාගිය ප්‍රධාන සැකකරුට අවශ්‍ය මුදල් හා දුරකතන පහසුකම් ලබා දුන් සැකකරුවන් දෙදෙනෙකු හා සැකකරුට නවාතැන් දුන් නිවසේ සිටි කාන්තාවක් මෙලෙස පුලියන්කුලම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන වව්නියාව අධිකරණයට ඉදිරිපත් කොට පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමේ නියෝගය මත තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කෙරේ.
මේ අතර පලා ගිය සැකකරුට සහය දුන් තවත් සැකකරුවෙකු පසුගිය 05 වනදා වවුනියාව පොලිස් කොට්ඨාශ නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පසුගිය පළමුවනදා පුලියන්කුලම පූතූර් කෝවිල ප‍්‍රදේශයේදී අතුරුමාර්ගයක ප්‍රධාන සැකකරු විසින් දමා ගිය බෑගයේ තිබී අත්බෝම්බ හතරක්, නවීන පන්නයේ මයික්‍රෝ පිස්තෝලයක්, මැගසින් එකක්, මිලිමීටර් 9 ජීවි පිස්තෝල උණ්ඩ 18ක් , මාලිමා යන්ත්‍රයක්, ජංගම දුරකතන දෙකක්, සෝල යන්ත්‍රයක්, හා කැලේ ජීවිත් වීමට හැකි වේදනානාශක බෙහෙත්පෙති, දත් බුරුසුවක්,දත් බෙහෙත් හා සරම් කිහිපයක් විවිධ වූ කෑම හා ඇඳුම් තොගයක් හමු වී ඇත.
පලාගිය ප්‍රධාන සැකකරු යුද සමයේදී කොටි සංවිධානයේ ප්‍රභල සාමාජිකයෙකු බව ද පොලීසිය මේ වන විට අනාවරණය කරගෙන තිබේ.



2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෝම්බ-ගිනි අවි සමඟ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට