IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බීමත්ව රිය පැදවුවහොත් අවුරුද්දක තහනමක්

(යොහාන් භාසුර)

බීමත්ව රියපැදවීමේ චෝදනාවට අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය වසරක කාලයක් අත්හිටුවීමට හෝ රියදුරු බලපත්‍රය අවලංගු කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටීමට පොලීසිය කටයුතු කරමින් සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

රියදුරන් බීමත්ව රියපැදවීම බහුලව දැකිය හැකි වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් දඩුවම් වැඩි කළ හොත් මෙම තත්වය පාලනය කළ හැකි යැයි විශ්වාස කරන බවත් එම නිලධාරියා කීය.

පොලිසිය සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන රථවාහන වැරදි කරන රියදුරන් නීතියේ රැහැනට හසුකරගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක බව කී එම නිලධාරියා අද (26) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුළ බීමත් රියදුරන් 395 කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බව ද සඳහන් කළේය.

එම පැය 24 ක කාලය තුළ අපරීක්ෂාකාරී සහ අනතුරුදායක ලෙස රිය පැදවීමට රියදුරුන් 50 කට, අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධව රියදුරන් 120 කට, මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රියදුරන් 1,262 කට, බලපත්‍ර වැරදි සම්බන්ධ රියදුරන් 682 කට සහ වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 5,441 කට ලෙස රියදුරන් 7,950 කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බව ද එම නිලධාරියා කීය.

මෙම මස 20 වැනිදා ආරම්භ කළ එම මෙහෙයුම තව දුරටත් ක්‍රියාත්මක කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය. 

 



අදහස් (3)

බීමත්ව රිය පැදවුවහොත් අවුරුද්දක තහනමක්

Mihiranaga. Thursday, 26 December 2024 11:44 PM

තවදුරටත් නෙමෙයි හැමදාමත් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි

:       0       26

කමනි Friday, 27 December 2024 08:57 AM

අවුරුද්ද නං මදි. මේ අයව චෙක් කරනවාත් මදි... කට්ටිය කිසි බයක් නැතුව බීලා එලවනවා. අනිත් අය ජීවිතයෙන් වන්දි ගෙවනවා.

:       0       17

Perera Friday, 27 December 2024 03:18 PM

බීලා අහුවුණොත්නේ ප්‍රශ්නේ. අහු නොවෙන්නත් ක්‍රම සහ විධි තියෙනවා.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site