(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාත්‍රි සමාජ ශාලාවක සිටි පිරිසක් රැගත් මොටර් රථයක් කොල්ලුපිටියේ දි ත්‍රිරෝද රථයක ගැටීමෙන් පසු එහි සිටි කාන්තාවකට පොලුවලින් හා ඉදල් වලින් පහර දුන් කාන්තවන් දෙදෙනකු අද (11) අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් බම්බලිපිටිය හා කොල්ලුපිටිය වන පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ විද්‍යුත් මාධ්‍ය ආයතනයක සේවය කරන කාන්තාවකට වන අතර, සිද්ධිය වන අවස්ථාවේ ඇයද බීමතින් සිටි බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා පරිසිදු කිරීමේ අයාතනයක සේවක කරන සේවිකාවන් බවද පොලිසිය කියයි.
COMMENTS
වාහනයේ අනතුරට දඬුවම පොලිසිය සහ අධිකරණය තීන්දු කරනු ඇත. කාන්තාවකට පොලුවලින් හා ඉදල්වලින් පහරදුන් කාන්තාවන්ට දඬුවම් ලබාදිය යුතුවේ. යළිත් මෙවැනි පහරදීම් නොවන්නට සමාජයට පණිවුඩයක් ලබාදිය යුතුවේ. කාන්තා සංවිධන මුනිවත රකින්නේ ඇයි...?
ගහලා මදි. ඕකුන්ව කාර් එකටම දමලා ගිනි තියන්න වටිනවා. මොවුන් කට්ටිය එකතුවෙලා අහිංසක මිනිහෙක්ව මැරුවා. එය මිනී මැරුමක්. කළුසල්ලිවලින් කරන සෙල්ලම්. ක්ලබ් එකට ගිහින් බීලා බීලා, කුඩු උරලා මොලේ විකල් වුණාම කරන්න පුළුවන් ඔක්කොම දේවල් කරපු මේ අසික්කිත හැත්ත අන්තිමේදී මිනිහෙක්ව මැරුවා. ඔවුන් ගහපු අය වැරැදි නැහැ. මරන්නයි තිබුනේ. මීට පස්සේ ඔය වගේ දෙයක් වුණොත් වාහනයේ ඉන්න අය ඔක්කොම ඇතුළටම දමලා ගිනි තියන්න... එහෙම නැතිවුණොත්... බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ වගේ වේවි...
නගරය පිරිසිදු කරන අයද දැන්.. එතකොට පොලිසියේ රාජකාරි කරන්නේ.. එම කාන්තාවට අමානුෂික ලෙස පහර දුන් දැඩි දඬුවම් ලබාදිය යුතුයි.
අපට පොලිසි උසාවි මොකටද? මේ වගේ කට්ටිය ඉන්න කොට නීතිය ක්‍රියාත්මක කරන්න.
බේබදු නෝනට වඩා අර පවිත්‍රතා කටයුතු කරන කාන්තාවන් දෙදෙනා ඉහලින්ම අගය කරනවා. අහිංසක මනුස්සයෙක් මරලා දාන්න අනියමින් සහයෝගය දුන්න බේබදු නෝනලාට මෙි රට බංකොලොත් කියලා නිකමටවත් හිතන්නේ නැද්ද දන්නේ නැහැ
ඒ කාන්තාව බිලා ඉන්න ඇති. බිලා වාහනයක යන එක රටේ නීතිය අනුව වරදක් නෙවෙයි. එම නිසා ඒ කාන්තාවට පහරදුන්නු සේරටම දැඩි දඬුවම් දෙන්න ඕන.
එතකොට හප්පල මරපු එකාව ඇල්ලුවද?අන්න ඌ යහතින් ඩුබායි ගිහින් එහෙ ආතල් එකේ ඉන්නවලු. සිරසෙ news වලට පෙන්නුවා ඇත්ත. නයි දෙරණ නිවේදිකාව නිසා ඔක්කොම නිදහස් වෙයි. පොන්සි පොලීසියක් නෙ ඉන්නෙ අමේශ් කිව්වා වගේ
මිනීමරුවා පොලිසියේ උදව්වෙන් රටෙන්ම පැනලා ගිහින්. කුඩු ගහපු අය නිදහස්. මොවුන්ව එතැනම මරන්න තමයි තිබුනේ. මිනීමරුවන්ට පක්ෂව කොමෙන්ට්ස් දමන අය කියනවා මෛත්‍රි කරන්නලු.
මිනීමරුවාට නිසි දඬුවම් ලැබේ කියා සිතන්න අපහසුයි. ඒ මේ සකල සිරින් පිරි ශ්‍රී ලංකාව නම් ගොබ්බයින්ගේ රාජධානිය නිසයි. මිනීමරුවා ලංකාවට ආව විටකදී නන්නාඳුනන තුවක්කුකරුවෙක් ලවා ඒකාගේ වැඩේ අවසන් කළයුතුයි. ඔහු ඩුබායිවල ඉන්නවා නම් වැඩේ ඊටත් පහසුයි. සමහරවිට ස්වභාව ධර්මයා අපිට කලින් ක්‍රියාත්මක වේවි.
ඔය වගේ කාලකන්නි මිනීමරු " ඩිරෙක්ටර්ස් " ලා තවදුරටත් මේ රටට අවශ්‍ය නැත. ඔහුට සුදුසු තැන අපායේ වෙන්කර ඇත. ගුටිකාපු ගැහැනුන් ගැන කිඹුල් කඳුළු හලන අමන නරුමයින් මැරුණ මිනිසා ගැන වචනයක්වත් කතා නොකිරීමෙන් පෙනෙන්නේ ඔවුන් මිනිමරුවාගේම කට්ටියක් බවයි.