
(ගයාන් සූරිය ආරච්චි)
ගත වූ පැය 24 තුළ බීමතින් රිය ධාවනය කළ පුද්ගලයන් 251 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය
උත්සව සමය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී මෙම බීමත් රියදුරන් අත්අඩංගුවට ගෙන ඇත.
ඊට අමතරව ගත වූ පැය 24 ට කිසිදු රිය අනතුරක් සිදුව නොතිබුණු අතර මාර්ග නීති කඩ කිරීම් ඇතුළු අනෙකුත් වැරදි සම්බන්ධයෙන් රියදුරන් 8496 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
උත්සව සමයේ ඔබගේ මෙන්ම අනෙක් පුද්ගලයන්ගේද ජීවිත ආරක්ෂා කරමින් බීමතින් තොරව පරීක්ෂාකාව රිය ධාවනය කරන මෙන් ඉල්ලා සිටින බවද මන තුංග මහතාකීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උත්සව සමය විතරක් නෙමෙයි හැමදාම මේ වැඩ පිළිවෙල හොඳයි