(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)

කලවාන නගරයේ මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය  උප පොලිස් පරීක්ෂකවරයකු තියුණු ආයුද ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර ඇති බව කලවාන පොලිසිය පැවසීය .

මෙලෙස තුවාල ලබා ඇත්තේ කලවාන පොලිසියට අනුයුක්තව සේවය කරන  උප පොලිස් පරීක්ෂකවරයකු බව කලවාන පොලිසිය පැවසීය . සැකකරු කලවාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

මෙම උප පොලිස් පරීක්ෂකවරයා වෙනත් විමර්ශන කටයුත්තක් සදහා යාමේදී කලවාන නගරයේ බීමතින් අශෝභන ලෙස හැසිරෙමින් සිටි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම සිදුවීම සිදු වී ඇති බව කලවාන පොලිසිය පැවසීය .