
අලි - මිනිස් ගැටුමට විසඳුමක් ලෙස හබරණ, රිටිගල බැඳිවැව ගම්මානයේ ඉදිකළ කිලෝමීටර 4.4 කින් යුත් ප්‍රජා මූලික විදුලි වැට හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කළේය.
මෙම වසරේ ජනවාරි මාසයේ ආරම්භ කළ මෙම වැඩසටහන සංරක්ෂණ පර්යේෂනායතනය, සීනමන් හෝටල් සමූහය සහ ටී.යූ.අයි. පදනම එක්ව කළ මෙම ව්‍යාපෘතිය සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක විය.
අලි - මිනිස් ගැටුම පිළිබඳව වසර 30 කට අධික කාලයක් පර්යේෂණ කරන ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු සහ ආචාර්ය සුමිත් පිලපිටිය මහත්වරු මෙම ව්‍යාපෘතියට සම්පත් දායකත්වය ලබාදුන්හ.
ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිම අලි - මිනිස් ගැටුම ඇති රට බවට පත්ව අතර ශ්‍රී ලංකාව වසර 60කට අධික කාළයක් අලි මිනිස් ගැටුමට මුහුණ දී සිටී.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනේ, එතුමගේ සල්ලි වියදම් කරලා වෙන්න ඕනෑ...!
අගේ කළයුතු වැඩක්. මෙවන් වැඩ සටහන් තවතවත් ක්‍රියාත්මක කිරීමට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු...!