(ශාන්ත සෙනෙවිරත්න)
‘බැඳුම්කර සිද්ධියට අදාළ වෝහාරික විගණන වාර්තාව හෑල්ලුවට ලක්කරන්න පිරිසක් උත්සහ කරනවා. හොරාට කලින් කෙසෙල් කැන වැටී පනින්න හදනවා. මේ මුල්‍ය වංචාව පසුගිය ආණ්ඩු දෙකේදීම සිදුවෙලා තිබෙනවා’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මෙසේ කීය.
එහිදී මන්ත්‍රීවරයා මෙසේ ද කීය.
හොරු දෙපැත්තෙම ඉන්නවා අපි මැදිහත්වෙලා හොරකම් කළ පවුල් ගහ බිඳ දැම්මා. දැන් මේක අධිකරණයට ඉදිරිපත් කරලා වැරදි කළ අයට නිසි දඬුවම් දෙන්න ඕනෑ. මේ ගැන පාර්ලිමේන්තුවේ විවාදයක් තිබ්බොත් තන ඒවා එළියට එන්න පුලුවන්.
මහ බැංකුව ඇතුළට ගිහින් මේ පරීක්ෂණ කරන්න අපට බැරිවුණා. එහෙම කළා නම් තත්තවය තවත් වෙනස් වෙන්න ඉඩ තිබුණා. ප්‍රබල දේශපාලන මැදිහත්වීමක් නැතිව මෙහෙම වංචාවක් කරන්න බෑ. මේ සිද්ධියට සම්බන්ධ සියලු දෙනා අධිකරණයට ඉදිරියට ගේන්න ඕනෑ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද දැන් ආණ්ඩුව පාණ්ඩුව වගේ වෙලා කටේ පිට්ටු...! අලියන්, පොඩි හොරුන්, බුලත් විට කාරයින්, ලොකු හොරුන්...
දැන් බලමු ගිය ආණ්ඩුවේ බඳුම්කරේ විකුණපු අය මොකද කියන්නේ කියලා...
හඳුන්නෙත්ති කලේ රනිල්ගේ වංචා යට ගැසීමයි.
අලියා බලේ හිටියා නම් බැඳුම්කර වංචාවක් වුණේ නැහැ කියනවා නේද? හම්බන්තොට විකුණපු දවස්වල කසාය බීපු ගොලුවන් වගේ ඉඳලා, ගාලු මුවදොර බදු දුන්නු එකට මේ ලඟකදී කට ඇරලා තිබුණා..
මට තියන ප්‍රශ්නය කබ්‍රාල්ගේ බෑණා කවුද? එයාගේ කොම්පැණිය මොකක්ද කියලා.
බැඳුම්කර වංචා අද ඊයේ වුණු දේවල් නොවෙයි. නමුත් ඔක්කොම දේශපාලුවෝ ටික කොලේ වහගෙන ගේම ගෙනගියා. එකෝමත් එකරටක මහා බැංකු අධිපති විශ්‍රාම ගියපසු මහා බැංකුව ඉදිරිපිට ඇති ගොඩනැගිල්ල මිලදී ගැනීමට පවා පොහොසත් වුණා. ඔය ඔක්කොම කට්ටිය නොදන්නා වගේ සාක්කුව පුරවාගත්තු එක තමයි කලේ.
ප්‍රධාන පක්ෂ දෙකේම ඉන්නේ හොරුන්, දූෂිතයන් කියලා අපි නොදන්නවා නෙවෙයි. මෝඩ වහල්ලු ඉන්නකම් කුමක් කරම්ද?
මේකෙ අදහස් දමන අය තම හිතට විරුද්ධව අවලාද නගයි. දැන් 3% පමණක් නිවැරදි බව ඔවුන් හොඳින් අවබෝධ කර ඇත.
දැන් හරි අන්තිම තුරුම්පුවත් ඇද්දා හඳුන්නෙත්ති.. රනිල් හාමුව ගලවා ගන්න. දැන් ඉතින් UNP එක කරපු බැඳුම්කර මගඩිය අල්ලනවා බොරු.. පවතින ආණ්ඩුව පිට එක දැම්මම, මේ ආණ්ඩුවෙන් උනන්දුවක් තියේවිද බැඳුම්කරේ ගැන හොයන්න. මොහුට කරන්න තිබුනේ, පහුගිය ආණ්ඩුවෙන් වුණු හොරකම්වලට දඬුවම් දෙන්න බලකරන්න. එතකොට එක පැත්තක හරි ඉන්න හොරුන්ව අහුවෙනවා. අනෙක් ආණ්ඩුව අාවහම මේකේ හොරු අල්ලන්න බල කරන්න ඕනේ. අර්ජුන් මහේන්ද්‍රන් මේකට කෙලින්ම සම්බන්ධ වගේම රනිල් දැනුවත්ව වුණා කියලා හිතන්න ගොඩක් සාක්ෂි තියෙනවා. එ් නිසා මුලින්ම ඔප්පුවෙලා තියෙන එකට දඬුවම් දීලා ඉන්න. රනිල් පාර්ලිමේන්තුවේදී කිව්වා රනිල්, අර්ජුන් අැලෝසියස් ගැන වගකීම බාරගන්නවා කියලා. ඔහු හොරෙක් නෙමේ නම්, තමන්ගේ යාළුවගේ ආණ්ඩුව තියෙද්දීවත් අැයි ලංකාවට අාවේ නැත්තේ..?
දැන් මේ ගැන කියෙව්වා ඇති.. බලධාරීන් නඩු දාලා මේ අයට දඬුවම් දෙන්න බලන්නේ නෑ. දඬුවම් දීලා මදි... මේ මුදල් මේ හොරුන්ගෙන් අය කරගත යුතුය. ජනතාව එකතුවෙලා නඩුමගට බහිමු. රටෙන් පැනපු එක හොයන්න බැරිනම් එයාව හොයාගන්නකම් අනික් අයට එරෙහිව කටයුතු කරන්න බැරිද? මේ ගැන කතාකරපු පණ්ඩිතයින් මේක මගහරින්න උපක්‍රම හොයනවා...
සිරිකොතේ රෙදි අපුල්ලන වෙලාවෙයි, ඒ අලි ආණ්ඩුවට මුක්කු ගහන කොටයි තමයි... ඕක තේරුන් නැද්ද බොල?
ඔන්න හොරෙක්, ඔන්න හොරෙක් කියකියා මෙච්චර කාලයක් හොරු පස්සේ එලවාගෙන ගිහින් තියෙන්නෙත් කම්බ හොරු රැලක්නේ..
පහුගිය ආණ්ඩුව පත් කරන්න මුල් වුනේ මේ උන්දැලානේ... ඒකනිසා කෙලින්ම ප්‍රකශ කරන්න අමරුයි වගේ... යහපාලනයක් ගැන කියා අපේ ඡන්දෙ අරන් බැංකුව මංකොල්ල කෑවා.. ඔහෙලත් වග කියන්න ඕනෑ.. අනෙක් කට්ටිය ආවේ යහපාලනයට නොවේනේ.. ඒක නිසා ඒ ගොල්ලන් ජනතාවට, රටට බර අඩුකරලා කොල්ල කාලා තියෙනවා කියන්න.
මහ බැංකු බැඳුම්කර පාඩුව මහින්ද යුගයේ රු.මි. 10470 ක් වන අතර රනිල් යුගයේ රු.මි. 689 ක් බව කෝප් කමිටුව මගින් කළ වෝ්හාරික විගණන වාර්තාව මගින් හෙළි වී තිබේ. රනිල් යුගයේ මිලියන 689 ට පර්පෙචුවල් සමාගමේ රු. මිලියන 1200 ක් දැනට මහ බැංකුව රඳවාගෙන තිබේ.
ලැජ්ජාවේ පක්ෂය ජවිපෙ...
ඔය ගනුදෙනු සිද්ද වෙන්න බැංකු නිලධාරීන් සහ අදාළ බැඳුම්කර ඉදිරිපත් කරන ආයතන අතරයි.