
(මනෝප්‍රිය ගුණසේකර)
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීෂ් සමාගම හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 11 දෙනකුට එරෙහි චෝදනා 22 යටතේ නීතිපතිවරයා ගොනු කළ නඩුවක් චෝදනා 11කින් එම විත්තිකරුවන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.
මෙම නඩු විභාගය අරම්භ කිරීමට සූදානම්වූ අවස්ථාවේ විත්තිකරුවෙන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ඇතුළු නීතිඥ මඩුල්ල මතුකළ මූලික විරෝධාවක් සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල එසේ තීරණය කළේය.
අමල් රණරාජා (සභාපති) නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳි යන මහත්වරුන්ගෙන් සමන්විත මෙම විනිසුරු මඩුල්ල අදාල නියෝගය ප්‍රකාශයට පත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටිකක් ඔහොම යන්
එක රටක් එක නීතියක් උනහම මේ වගේ සාදාරන වැඩ වෙන්න ඕනා. බැඳුම්කර කියලා වංචාවක් උනේ නෑ. ඒක හිතලුවක්. ඒ නිසා මේ නඩුවම ඉල්ලා අස් කර ගන්න.
දැන් එහෙමනම් කිසිම කෙනෙකුට එවකට රජය මහා බැංකුව කොල්ල කෑවා කියා කිසිදා යලිත් චෝදනා කල නොහැක.
හා හා හොරෙ දැනුනා දැනුනා. මොකක්ද දන්නේ නැහැ ගහන්න යන ගැටේ
වාසනාවට ඔවුන් අඹ ගෙඩියක්වත් හෝ පොල් ගෙඩියක්වත් හෝ හොරකම් කලේ නැහැ. අද ඉඳන් මේ අඹ පොල් හොරකම් කරන හොරුන්ට මේක පාඩමක්.
අනේ කාලේ වනේ වාසේ.
ඔක්කොම යාලුවෝ
ඊලග අවුරුද්දේ ඉතුරු චෝදනා වලින් නිදහස් වෙනවා. ඊට එහා අවුරුද්දේ රාජසන්තක කල මුදල් ආපසු දෙනවා. ඊට පස්සේ අර්ජුන් මහේන්ද්‍රන් ආපහු මහ බැංකු අධිපති වෙනවා. එහෙමද?
( හොරකමින් පසු ගතවූ කාලය ) ( චෝදනා 44-චෝදනා 22 ) = ( හොරකමින් පසු ගතවූ කාලය ) (චෝදනා 22 ) ( හොරකමින් පසු ගතවූ කාලය ) (චෝදනා 22 - චෝදනා 22 ) = ( හොරකමින් පසු ගතවූ කාලය ) එබැවින් මෙහි නිවැරදි පිළිතුර = ( හොරකමින් පසු ගතවූ කාලය ) පමණි..
සියළු දෙය ධර්මානුකුලව සිදුවී ඇති නිසා දැනෙන්නේ මහත් ප්‍රීතියකි
ඉතිරි 11 නුත් එයාලා නිදොස් කොට නිදහස් කර රටේ සාමාන්‍ය ජනයාට දඬුවම් කළ යුතුය .
බලන් යනකොට අන්තිමට මහබැංකු බිල්ඩිම අත්අඩංගුවට ගන්න වෙයි වගේ.
දැන් සැපද?
ඔය කාලේ රවි මුදල් ඇමතිවරයා වුනත් ඔහුට මහ බැංකුව පාලනය තිබුනෙ අගමැතිවරයාට. එනිසා කොහොමත් රවිට ගැටලුවක් වෙන්න බැහැ .නමුත් මහ බැංකුවේ අධිපතිට හා ඔහු පත්කල අයට වගකීමක් නැහැ කියන්න අමාරුයි කාගේ වරදින් හෝ නැතිවුනේ ජනතා මුදල්
කෙනෙකුට විරුද්ධව චෝදනා ඉදිරිපත් කරනවා කියන එක රජයේ සේවකයෙක් නම් දන්නවා. මොකද පරක්කු වෙලා ආවා කියලා චාජ් එකක් දානවා නම් ඒ චෝදනාව විතරක් නොවෙයි, තව බොහෝමයක් එකතු වෙනවා. ඒ වගේ තමයි මේ චෝදනාත්... මේ ගොල්ලන්ට හිනාවෙන්න දෙයක් නැහැ.. තව චෝදනා 11ක් තිබෙනවා.