(යොහාන් භාසුර)

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේදී ආබාධයට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත්වීමට සිදු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උසස් නිලධාරියකු පැවැසීය.

බිනුර ප්‍රනාන්දුට ආබාධය සුව වීමට සති කීපයක් විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබීම නිසා මෙලෙස තරගාවලියෙන් ඉවත්වීමට සිදුවී ඇති බවත් ඔහු ඉදිරියේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය