(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
වැලිකඩ බන්ධනාගාරයේ තුළට යට ඇඳුමේ සඟවාගෙන දුම්කොළ රැගෙන යාමට උත්සාහ දැරූ නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන භාරදුන් බව බොරැල්ල පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාර නියාමක ගිණුම් ලිපිකරු සහයක ලෙස කටයුතු කරන්නෙකි .
සැකකරු සමඟ ග්‍රෑම් 84 මිලිගෑම් 702 බර දුම්කොළ අඩංගුව තිබූ පාර්සලයක් සොයාගෙන ඇත.
මෙම එක් දුම්කොළයක් රුපියල් 5000 සිට ඉහල මිලකට බන්ධනාගාරය තුළ අලෙවි වන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd