IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බන්ධනාගාරයට කෝටි 98ක ඔ.ටී ගෙවලා

(සුජිත් හේවාජුලිගේ)

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පසුගිය වසරේදී අතිකාල හා  නිවාඩු දීමනා ගෙවීමට රුපියල් කෝටි 98 කට වැඩි මුදලක් වැය කර ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

අතිකාල වෙනුවෙන් මෙපමණ විශාල මුදලක්  ගෙවා   ඇතැයි පැවසෙන්නේ එම  වියදම්  දැඩි සේ පාලනය කිරීම අත්‍යවශ්‍ය බව දැනුම්දී තිබූ අවස්ථාවකදීය.

එම මුදල  ඊට කලින් වසරට සාපේක්ෂව රුපියල් කෝටි දහයක  පමණ වැඩිවීමක් බවද  එම වාර්තාවේ දැක්වේ.

මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන්  පසුගිය වසරේදී  බන්ධනාගාර  නිලධාරීන්ගේ නිවාස පරිශ්‍රයන්හි
අවස්ථා  233කදී සේවයට යොදවා තිබූ බවත් බන්ධනාගාර නියාමක නිලධාරීන්ගේ මිනිස් දින 234ක්ද  ඒ වෙනුවෙන්  වැය කර තිබූ බවත් ජාතික විගණන කාර්යාලය පවසයි.

බන්ධනාගාර  පරිශ්‍රයෙන් පිටත නිලධාරින්ගේ නිවාසවලට යෙදවූ සිරකරුවන් පසුගිය වසරේ අවස්ථා හැට දෙකකදී බන්ධනාගාර වාහන නවයකින්  කිලෝමීටර් 372 ක දුරක්   ප්‍රවාහනය කර තිබූ  බව  වාර්තාව සඳහන් කළේය.

මේ අතර බන්ධනාගාර සිර මැදිරි,  එළිමහන් සිර කඳවුරු,  පුනරුත්ථාපන මධ්‍යස්ථාන හා ගොවිපළවල් වශයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව භාවිතයට ගෙන තිබුණු අක්කර 39 කට වැඩි ඉඩම් ප්‍රමාණයක හිමිකම පවරා ගැනීමට එම දෙපාර්තමේන්තුව   කටයුතු කර නොතිබූ බව වාර්තාවේ දැක්වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.


 



අදහස් (3)

බන්ධනාගාරයට කෝටි 98ක ඔ.ටී ගෙවලා

කමල් Wednesday, 14 August 2024 09:40 PM

අනේ මේ නිකම් ඉන්න අප්පා. ඔය ඉන්න අයට මූලික වැටුප කියලා දෙන්නේ සොච්චමක්. ඕටීත් නැතුව අර කුඩ්ඩෝ මිණිමරුවෝ ටික එක්ක හිරවෙලා කරන ඔය රස්සාව කරන්න ඔය විගණන වර්තාව ලියපු අය දාන්න.

:       0       0

T H A Niroshana Thursday, 15 August 2024 08:40 AM

බන්ධනාගාර නිළධාරින් හිග නිසයි වැඩිපුර වැඩකරන නිළධාරින්ට අතිකාල ගෙවන්නෙ.නිළධාරින් 1500ක විතර පුරප්පාඩු තියෙනවා.

:       0       3

Harshani Thursday, 15 August 2024 09:13 AM

පුදුම සතුටක් තියෙන්නේ , මේ වගේ ඉන්න මිනිස් ශ්‍රමය හරියට භාවිත කරන්න බැරිව මොනවද මේ කරන දේවල්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site