(ඉන්දිකා රාමනායක)
මෙරව උසස් පෙළ විභාගයට පෙනී සිටි විශේෂ ගනයේ එල්.ටී.ටී.ඊ රැඳවියන් ඇතුලු බන්ධනාගාර රැදවියන් දෙදෙනකු ඉන් සමත් වී ඇති බව බන්ධනාගාර පොර්තමේන්තුව පවසයි.
රැදවියන් තිදෙනකු මැගසින් බන්ධනාගාරයේ විභාග මධ්‍යස්ථානයේ දී මෙවර උසස් පෙළ විභාගයේ කළා විෂය ධාරාවෙන් පෙනී සිටි බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
විවිධ චෝදනා ලබා බන්ධනාගාර ගත වන රැඳවියන් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස සමාජ ගත කිරීම ප්‍රධාන අරමුණින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පූර්ණ මැදිහත්වීම මත රැඳවියන් විභාගය සදහා ඉදිරිපත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
විභාගයට පෙනී සිටි විශේෂ ගනයේ එල් .ටී.ටී.ඊ රැඳවියෙකු වන කිලිනොච්චිය ප්‍රදේශයෙහි පදිංචි වයස අවුරුදු 38 ක් වන රැඳවියා විසින් භුගෝල විද්‍යාව- සම්මාන සාමාර්ථ C ද, හින්දු ශිෂ්ඨාචාරය- සම්මාන සාමාර්ථ Cද, දමිළ භාෂාව - සාමාන්‍ය සාමාර්ථ S ද, ලබා ගනිමින් සමත් වී ඇති අතර බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
වැලිකඩ බන්ධනාගාරයෙන් පෙනී සිටි කෑගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක රැඳවියා විසින් දේශපාලන විද්‍යාව-සාමාන්‍ය සාමාර්ථ S ද, බෞද්ධ ශිෂ්ඨාචාරය-සාමාන්‍ය සාමාර්ථ S ද, සිංහල - සාමාන්‍ය සාමාර්ථ S ද, ලබාගෙන සමත් වී ඇති බවද හෙතෙම කීය.
2025 දෙසැම්බර් මස 18
414
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බන්ධනාගාර රැදවියෝ දෙදෙනෙක් උසස් පෙළ සමත් වෙති
Nihal Monday, 29 August 2022 03:58 PM
මේ අයට ගෙදර යන්න සලස්වන්න...
මහසෙන් Monday, 29 August 2022 07:33 PM
සුබපැතුම්... සමාජයට හොඳ පුරවැසියකු වී පියනැගුමට දෙපාර්තමේන්තුව කරන ක්‍රියාව අගය කළ යුතුයි...!
chandima Monday, 29 August 2022 09:57 PM
අර 240 බන්ධනාගාරයට යැව්වානම් අඩු තරමේ ඒ ලෙවල්වත් පාස් වෙනවා.
Bamunuarachchi Tuesday, 30 August 2022 10:55 AM
කෙනෙකු සිරගත කිරීමේ පරමාර්ථය වැරැදිකාරයෙකු සමාජයට සරිලන සේ පුනරුත්ථාපනය කිරීම නම් මේ අයගෙන් ඒ පරමාර්ථය දැනටමත් ඉෂ්ටවෙලා කියා සිතෙනවා. එක හාදයෙකුට තමන්ගේ ආගමවත් සමත්වෙන්න බැරි වුණා. එහෙම මිනිස්සු ගෙදර ගියානම් ඉගෙන ගන්න පුළුවන් දැනට පුනරුත්ථාපනය වූ මේ අය ගෙදර යැව්වොත් හොඳයි නේද? සිරගත වුනේ ඇයි කියා අපි දන්නේ නැහැ...