(සුජිත් හේවාජුලිගේ)
බන්ධනාගාර ගත සිරකරුවන්ට ආහාර සැපයීමද පවතින උද්ධමනකාරී වතාවරණය යටතේ දැඩි ගැටළුකාරීවී ඇතැයි වාර්තා වේ.
බන්ධනාගාරවල සිරකරුවන්ට සැපයන ආහාරවල මිල ගණන් වැඩි කරන්නැයි ආහාර සැපයුම්කරුවන් බන්ධනාගාර ප්‍රධානීන්ගෙන් දැනටමත් ඉල්ලීමක් කර ඇත.
මේ සම්බන්ධයෙන් අප බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ සැපයුම්කරුවන්ගේ එම ඉල්ලීම් පිළිබඳව අවධානය යොමුකර ඇති බවයි.
බන්ධනාගාරවල සිරකරුවන් සඳහා සැපයෙන ආහාරවල මිල ගණන් දෙගුණයකින් පමණ වැඩිවී ඇතැයි සැපයුම්කරුවන් දැනුම්දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
රටපුරා බන්ධනාගාරවල සිටින සිරකරුවන් සංඛ්‍යාව 20,000ක් පමණ වේ. මේ සෑම සිරකරුවකුගේ ආහාර පාන වෙනුවෙන් දිනකට වෙන් කෙරෙන මුදල රුපියල් 300 කි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් වැරදි කරන මිනිසුන් සමාජයට කරදරයක් රටට බරක්
සිරකරුවන්ට දෙන ආහාර සදහා වියදම් දරන්නේ Usaid එකෙන් එක රජයට වැය බරක් නොවේ සිද්ධ වෙලා තියෙන්නේ සිරකරුවන්ට ලබාදෙන බත් එකට නියමිත ආකාරයට දෙන්නේ නැහැ බන්ධනාගාර නිලධාරීන් ආහාර ද්‍රව්‍ය සපයන අයගෙන් ගාන කපනවා එවිට ඔවුන් දෙන්නේ කුණු වෙන්න ලග එළවළු මාළු මස් තමයි එකෙනුත් හොද කොටස නිලධාරීන් නිවාසවලට රැගෙන යනවා එවිට බන්ධනාගාර නේවාසිකයන්ට ලැබෙන්නේ ඇගිලි නොකැපෙන ගානේ මාළු මස් තමයි සැම සිරගෙදරකම තත්වය එලෙසයි