
(ගයාන් සූරියආරච්චි)
බන්ධනාගාර 9 කින් රැදවියන් 30 දෙනකු අනීතිකව නිදහස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
එලෙස රැදවියන් නිදහස් කිරීමට අදාලව කිසිදු ලේඛනයක් ඉදිරිපත් කර නොමැති බව විමර්ශන නිලධාරීහු කියති.
ජනපති සමාව අනීතිකව භාවිත කර අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියකු නිදහස් කිරීමේ සිද්ධියට අදාලව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් දිවයිනේ පිහිටි බන්ධනාගාර 29 ක සිදුකළ විශේෂ විමර්ශනයකින් අනතුරුව මෙම තොරතුරු අනාවරණය වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එම විමර්ශන වාර්තාව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ඉකුත් දා බාර දෙනු ලැබීය.
තවද එම වාර්තාවට අනුව ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාගැනීම සදහා ඉල්ලුම් කළ රැදවියන්ගේ නම් ලයිස්තුවට අමතරව අවස්ථා තුනකදී රැදවියන් 247 ක් අවසරයකින් තොරව නිදහස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව නත්තල් දිනයේදී රැදවියන් 332 කගේ නම් ලයිස්තුවක් එවා තිබූ අතර ඊට අමතරව රැඳවියන් 158 ක්ද, ජාතික නිදහස් දිනය වෙනුවෙන් එවා තිබූ 274 ක නම් ලැයිස්තුවට අමතරව රැදවියන් 40 ක්ද, වෙසක්පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් එවා තිබූ 388 කගේ නම් ලැයිස්තුවට අමතරව රැදවියන් 49 ක් ද නිදහස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
2025 නොවැම්බර් මස 04
536
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1690
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බන්ධනාගාර නවයකින් අනීතිවක 30ක් නිදහස් කරලා
විපරමා Friday, 20 June 2025 12:32 AM
පවුල් පාලන ආණ්ඩුව බලයේ හිටපු කාලේ මරන දඬුවම නියම වෙච්චි අයටත් සමාව දීලා සභාපතිකම් දුන්නු එකේ ඕවත් වැඩද?
yass Friday, 20 June 2025 09:12 AM
නීතියට ඉහළින් කවුද ඉන්නේ? එහෙම නම් හැමෝවම නිදහස් කරමු.