IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


බන්දුල කරුණාරත්නගේ නිවාඩුව ජනපති පිළිගනී

 

(අංජුල මහික වීරරත්න)

අභියාචනාධිකරණ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න මහතා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පිළිගෙන තිබේ.

අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු බන්දුල කරුණාරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බවට ආණ්ඩුව නිවේදනය කළ අතර ඔහුට විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා මීට පෙර දැනුම් දීමක් කර තිබිණි.

බන්දුල කරුණාරත්න මහතා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගැනීමෙන් අනතුරුව වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස පත් කෙරුණු ලෆාර් තාහිර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (02) දිවුරුම් දුන්නේය.

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව නව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයෙකු පත් කරන තෙක් මෙම පත්වීම වලංගු වනු ඇත. ලෆාර් තාහිර් මහතා අභියාචනාධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයායි

 



අදහස් (4)

බන්දුල කරුණාරත්නගේ නිවාඩුව ජනපති පිළිගනී

රම්බොඩ Sunday, 02 February 2025 11:32 PM

හැමතැනටම මාලිමාවේ උදවිය. ඒක දේදේශපාලනීකරණය නෙවෙයි. මාලිමාකරණය.

:       28       12

,ලියනගේ Monday, 03 February 2025 12:08 PM

රම්බොඩ බොට පිස්සු බං... බන්දුල කරුණාරත්න කවුද කියලා නොදන්නා කෙනෙක් ඉන්නවාද?

:       2       8

වසන්ත කලුඅරච්ච් - මොනරාගල Monday, 03 February 2025 10:05 AM

පහුගිය දවස් වල නඩු සෑහෙන්න කල් දැම්මා. අපි උසාවි එන්නේ පුදුම වියදමක් කරලා. ඒ නිසා නඩු ඉතා ඉක්මනින්ම විසදා දෙන කමවේදයක් හිතා බලන්න.විසදල ඉවරයක් කරන්න පුලුවන් නඩුවත් ඉවර කරන්නේ නැහැ. ඒක මහා අපරාධයක්.මිනිස්සුන්ට පව්.මම මගේ ගිය මාස දෙක් මුලු වැටුපම වියදම් කලේ ලෙයෛර්ලාට සහ බස් වලට.අපේ දරැවො නඩුව දාට වඩගින්නේ.අපි ගැනත් ටිකක් හිතන්න.

:       0       40

සෙනෙවිරත්න Tuesday, 04 February 2025 07:02 AM

රම්බොඩට අකුරු බැරිද? ඔතන කොහෙද මාලිමාවක්? ⁣තමුන්ලා වගේ වහල් වලව් මානසිකත්වය ඇතිව ඉන්න අයට මාලිමාවේ ජනාධිපති දකිනකොට පස්සෙ ඉත්තෑවෝ දුවනවා වගේ දැනෙනවා ඇති. ඒකට ඉතින් මොනව කරන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site