
( තුසිත ද සිල්වා )
බෙන්තොට ප්‍රදේශයට ගෑස් ලොරියක් අද (12) එන බව පැතිර යෑමත් සමග 500කට ආසන්න බෙන්තොට ප්‍රදේශයේ ගෑස් ලබාගැනීමට ගාලු පාර අයිනේ ගෑස් ටැංකි පෙළට තබා පැය කීපයක් බලා සිටියත් ගෑස් ලොරියක් නොපැමිණීම හේතුවෙන් එම පිරිස ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය බෙන්තොට පැරණි ජන කලා කේන්ද්‍රය අසළින් හරස්කර විරෝධතාවක නිරත වූහ.
බෙන්තොට පොලිස් නිලධාරීන් විරෝධතාකරුවන්ට එම ස්ථානයෙන් ඉවත්ව විරෝධතාවේ නිරත වන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර විරෝධතාකරුවෝ දිගටම පැය කීපයක් පාර අවහිර කර විරෝධතාවේ නිරත වූහ.
මේ අතර විරෝධතාකරුවෝ ගාලු පාර වරාහේන ප්‍රදේශයෙන් අහිතකර තිබියදී බෙන්තර පොලිසිය ගාලු පාරේ ගමන් ගත් වාහන බෙන්තොට හන්දියෙන් ඇල්පිටිය මාර්ගය හරහා උරගස්මන්හන්දිය ටත් එතැන් සිට කොස්ගොඩ හරහා ගාලු පාරටත් පිවිසීමටත් කටයුතු කළ හ.
ඒ අතරතුර විරෝධතාකරුවෝ ගාලුපාර ඔස්සේ බෙන්තොට පාලම අසලට පැමිණ නැවතත් මග හරස් කිරීමට කටයුතු කළ අතර එම ස්ථානයේ පැයක පමණ කාලයක් සිදු කළ විරෝධතාවක් හේතුවෙන් ගාලුපාර ඔස්සේ දකුණු පළාතටත් බස්නායක දෙසටත් ගමන් ගත් වාහන විශාල සංඛ්‍යාවක හේතුවෙන් මාර්ග අවහිර විය.


2025 නොවැම්බර් මස 04
433
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2199
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බෙන්තොටින් ගාලු පාර අවහිර කර විරෝධතාවයක්