
( තුසිත කුමාරද සිල්වා)
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බස්නාහිර සහ දකුණු පළාත් වෙන්වෙන බෙන්තොට පැරණි පාලම් දෙකෙන් එක් පාලමක් අයහපත් කාලගුණය හේතුවෙන් ගිලා බස ඇතැයි බෙන්තොට පොලිසිය පවසයි.
අද(27) අලුයම ඇති වූ තද සුළඟත් සමග මෙම පාලම ගිලා බැසීමට ලක්ව ඇතැයි ප්‍රදේශවාසීන් පවසයි. මෙම පැරැණි ගාලු පාර සහිත පාලම 1902 වර්ෂයේ ඉදිකර ඇති බවට සාක්ෂි තිබේ. මෙම පාළම සංරක්‍ෂණයකිරීමට කටයුතු කරන්නයි වසර ගණනාවක සිට බෙන්තොට සංචාරක පුරවරයේ ප්‍රදේශවාසීන් වගකිවයුතු අංශවලින් ඉල්ලීම් කර තිබේ.
මෙම පාලම කඩා වැටීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බව බෙන්තොට පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉස්සර කාලෙ කාලෙ ගිහිපු පාලම. අළුත් පාලම හදන්න අවුරුදු ගානක් ගියා. මට මතකයි ඔය ගිලා බැහැපු පාලමෙ ඉඳන් අලුත් පාලම හදල ඉවර කරන්නෙ කවදද කියල බල බල ගිහිපු හැටි.
මට මතකයි 1989 අවුරුද්දේ ජේවීපී එකෙන් ඇඳිරි නීතිය දාපු දවසක කිසිම බස් එකක් ධාවනය නොවූ දවසක මමයි මගේ ආච්චි අම්මයි මේ පාලම මතින් පයින් ඇවිදගෙන ගියා අළුත්ගම බස් ස්ටෑන්ඩ් එකට.