(අංජුල මහික වීරරත්න)
මෙවර යල කන්නයේ දී බන්ඩි පොහොර හෙවත් MOP පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 10,000 දක්වා අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
2022/23 මහ කන්නයේ දී බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 42,000ක් මෙරටට ආනයනය කළ අතර බන්ඩි පොහොර හොන්ඩරයක මිල රුපියල් 19,500ක් විය. එවකට පැවැති ලෝක පොහොර මිල අනුව එම තීරණය ගත්තද බොහෝ ගොවීන් බන්ඩි පොහොර මිල අධික වීම නිසා ඒවා මිල දී ගත්තේ නැත.
මේ වනවිට එම බන්ඩි පොහොර තොගයෙන් අලෙවි වී තිබෙන්නේ මෙට්‍රික් ටොන් 3000ක් හෙවත් සමස්ත පොහොර තොගයෙන් සියයට 10කටත් අඩු ප්‍රමාණයකි. මෙවර ඇතැම් කුඹුරුවල ගොයම් කහ වීමේ තත්ත්වයට හේතුවී තිබෙන්නේ ද බන්ඩි පොහොර නොයෙදීම බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඩම්වල ප්‍රමාණය ගණනය කර රු:5000/= වගේ නාමික මිලකට සියලු භෝග සඳහා පොහොර දෙන්න. ඒක මුලු සමාජයම භුක්ති විඳින දෙයක්. ආහාර, අපනයන, අමුද්‍රව්‍ය නිමි නිෂ්පාදන සියල්ල පිටුපස පොහොර සහනාධාරය තියනවා. රටක අර්බුදකාරී වාතාවරණයකදී ආහාර සුරක්ෂිතතාව පළමුවැන්න. පොහොර කිසිම දේකට අවභාවිතා කරන්න බෑ. ඒක නිසාම හානියක් නෑ.