(ජේ.කේ.එල්.චාමින්ද )

බද්දේගම  වවුලගල හන්දියේදී  ත්‍රී රෝද රථයකට එල්ල කළ වෙඩි ප්‍රහාරින් තුවාල ලැබූ ත්‍රී රෝද රථයේ රියැදුරු සහ ඒහි සිටි කාන්තාවක මිය ගොස් තවත් කාන්තාවක  තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව බද්දේගම පොලිසිය පවසයි.

මොවුන් බද්දෙගම සිට හික්කඩුව දෙසට  ගමන් කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

තැඹිලි පාටට හුරු මයික්‍රෝ වර්ගයේ කාර් රථයකින් පැමිණි පුද්ගලයකු  ත්‍රී රෝද රථයට පන්න පන්නා වෙඩි තබා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. පසුව වෙඩික්කරු මෝටර් රථයෙන් හික්කඩුව මාර්ගය දෙසට ගමන් කොට ඇත.

මියගිය කාන්තාව ගැබිනියක් බවද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත ​වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයන් අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.